කතරගම අසේලට වස දුන් ඇත් ගොව්වා අල්ලයි

375

අසේල බුද්ධිමත් නිසා ජීවිතය බේරුණා… – දැන් එයා සුවෙන් ඉන්නවා
කපුගම සරණ තිස්ස නාහිමි

කතරගම ශ්‍රී අභිනවාරම විහාරස්ථානයේ අසේල නමැති අලි පැටවාට වස දීමට ක්‍රියා කළ හිටපු ඇත් ගොව්වා ඇතුලු දෙදෙනකු කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 18ක් වන මෙම අලි පැටවාට පසුගිය 19 වැනි දින අලියා පෙර බලාගත් ඇත් ගොව්වා විසින් පත්තක්කා (කොමඩු) තුළට කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය මුසුකොට කෑමට සලස්සවා තිබේ.

කතරගම කිරිවෙහෙර මාර්ගයේ අලියා සිටි අතර මෙම අවස්ථාවේ දී තරුණයකු විසින් අලියාට පත්තක්කා ගෙඩියක් කෑමට දී ඇති අතර අලියා එය මුඛ තුළට ගෙන සපා කා ඇති අතර විෂ ද්‍රව්‍යක් බවට අලියාට දැනීම නිසා පත්තක්කා ගෙඩිය වහා බිම දමා තිබේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමියන් සඳහන් කලේ මෙයට සති කීපයක දී අලියා බැලූ රනිල් නම් ඇත් ගොව්වා කිරි වෙහෙර මාර්ගයේ දී බීමත්ව අලියාගේ කකුලට හෙන්ඩුවෙන් ඇන තුවාල සිදු කර තිබුණා. පසුව ඇත් ගොව්වා ඉවත් කළා. එම තරහට පලි ගැනීමක් ලෙස අසරණ අලියාට වස කැවීමට සලස්සවා තිබුණා. අලියා බුද්ධිමත් නිසා ජිවිතය බේරුණා. අපි වහාම පශු වෛද්‍යවරයා කැඳවා අලියාට ප්‍රතිකාර කළා. අලියා දැන් සුවයෙන් සිටිනවා. කතරගම දේවාලයේ සහ මහනුවර බස්නායක නිළමේවරුන් වන ඩිෂාන් ගුණසේකර, ප්‍රදීප් නිළංග දෑළ බණ්ඩාර නිළමේතුමාලා ඇවිත් අලියාට ප්‍රතිකාර කිරීමට දායක වුණා යැයිද කපුගම සරණ තිස්ස හිමියන් පැවැසීය. අලියාට වස දීමට සම්බන්ධ චාමර මුතුනායක යන අය සහ අනුබල දුන් බිබිල රනිල් චන්ද්‍රසෙන යන අය කතරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට යොමු කිරීමෙන් පසුව ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කරන ලදී.
කතරගම කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment