පුරාවිද්‍යාවට එරෙහිව යාපනයේ විරෝධතාවක්

396

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව විරෝධතාවක් 20 දා යාපනයේදී පැවැත්වුණි.

යාපනය කෝපායි ප්‍රදේශයේ පැවැති මේ විරෝධතාවයේදී විරෝධතාකරුවෝ කියා සිටියේ පුරාවිද්‍යා නිලධාරීන් බෞද්ධාගමට පමණක් පක්ෂපාතීව කටයුතු කරමින් හින්දු දහමට එරෙහි වන බවයි.

මුලතිව් කුරුදුමලේ විහාරය අසල කෝවිලක පොංගල් උත්සවයක් පැවැත්වීමට යාමේදීත් යාපනයේ කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරයේ චෛත්‍යයට නිධන් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේදීත් මේ බව ඉතා හොඳින් ප්‍රදර්ශනය වූ බව ද පැවැසීය.

මෙය දැඩි අසාධාරණයක් බව පෙන්වා දුන් යාපනයේ විරෝධතාකරුවෝ පුරාවිද්‍යා නිලධාරීන් සෑම ආගමකම පුරාවස්තුවලට ගෞරවයක් ගෙන දෙන ආකාරයට කටයුතු කළ යුතු බව ද කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් රජයට බලපෑමක් කරමින් පවත්වන ලද මෙම විරෝධතාවයෙන් පසුව විශේෂ ලිපියක් රජය වෙත විරෝධතාකරුවන් විසින් යවා ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment