රාජ්‍ය ආයතනවල ජාතික කොඩි අඩකුඹු කෙරේ

125

දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අභාවය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව ඉකුත් 09 වැනිදා සිට රැජනගේ අවසන් කටයුතු සිදුකරන මෙම මස 19 වැනිදා දක්වා සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබනු ඇත.

ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊට අදාළ නිවේදනයක් සියලු රාජ්‍ය ආයතන වෙත නිකුත් කර තිබේ.

දෙවැනි එළිසබෙත් මහ රැජන වර්ෂ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජන ලෙස කටයුතු කළාය.

ඉකුත් 08 වැනිදා සිදු වූ දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අභාවයත් සමග ඇගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍ය හා පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රාන්ත 14ක නව රජු සහ රාජ්‍ය නායකයා ලෙස පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment