දුම්වැටියෙන් දිනකට මරණ 50ක්

146

දුම්වැටි භාවිතයෙන් රටේ දිනකට 50ක් 55ක් අතර ප්‍රමාණයක් අකාලයේ මරණයට පත්වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අනාවරණය කරයි.

මෙම මස 31 වැනිදාට යෙදෙන ‘ලෝක දුම්වැටි නිවාරණ දිනය’ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය මේ බව කියා සිටි. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දුම්වැටි නිවාරණ දිනයේ තේමාව ලෙස යොදාගෙන ඇත්තේ ‘අපට අවශ්‍ය ආහාර, දුම්කොළ නොවේ’ යන්නයි.

දුම්පානය කරන්නන් දෙදෙනකුගෙන් එක් අයකු අකාලයේ මරා දමන දුම්වැටි පිළිබඳව බදු ප්‍රතිපත්තියක් තවමත් සකසා නොමැති කමින් පසුගිය වසර 05 තුළ රජයට අහිමිව ගිය බදු ආදායම ‘ආසන්න වශයෙන් රුපියල් බිලියන දෙසීයයක් පමණ වන බව එම මධ්‍යස්ථාන විධායක අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම් මහතා පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment