දොට්ට දාලා ගත්ත අයට ශ්‍රීලනිපයෙන් යළි තනතුරු

170

ආණ්ඩු සමග එක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කළ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුනට යළි එම තනතුරු ලබා දී ඇත.

ඉකුත් 15 වැනිදා පැවැති පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව නැවත එම තනතුරු ලබාදුන් බව ශ්‍රීලනිපය පවසයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ද, ජාතික සංවිධායක ලෙස දුමින්ද දිසානායක මහතා ද භාණ්ඩාගාරික ලෙස ලසන්ත අලගියවන්න මහතා ද යළි පත්කර තිබේ.

මෙම මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එක් වී තනතුරු ලබාගැනීම නිසා පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් කළේය.

මීට අමතරව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා ද අලුතින් පත්කර ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment