දේවගැති ජෙරම් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලූ පෙත්සම ඉවතට

592

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන ඇත. මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය.

අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබුණි.

දේවගැති ජෙරම් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලූ පෙත්සම ඉවතට
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන ඇත.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය.

අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment