පුපුරණ හඩ ටයිටන් දැයි සැක

12051

මුහුදු පතුලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය සඳහා ගිණිකොණ දිග කැනඩාවේ වෙරළට ඔබ්බෙන් නිරීක්ෂණ චාරිකාවක නිරත වූ සුපිරි ව්‍යාපාරිකයන් පස්දෙනකු රැගත් ටයිටන් සබ්මැරීනය පුපුරණ හඩක් ඇසුනු බව සාගර විද්‍යාඥයින් විසින් මාධ්‍ය වෙත සදහන් කරයි.මෙම සුපිරි සබ්මැරීනය ගමන් අරඹා පැයකට ආසන්න කාලයකට පමණ පසු ප්‍රධාන පාලන මැදිරිය සමග ඇති සම්බන්ධතාව බිද වැටුණු බව ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි. එය මුහුදු මට්ටමේ සිට අඩි තිස් දහසක පමණ පතුලට ගමන් කරන්නන්ට ඇතැයි ද සාගර විද්‍යාඥයින් සැක කරයි. ටයිටන් සබ්මැරීනය සොයා ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය තවදුරටත් සිය මෙහෙයුම් වල නිරතව සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment