තානාපතිවරුටත් හැට පැන්නොත් හොට බිම ඇනේ

210


අවුරුදු හැට සම්පූර්ණ කර ඇති තානාපතිවරුන් සිව්දෙනකු සහ මහකොමසාරිස්වරයකුගේ සේවය අවසන් නොකරන ලෙස විදේශ ආමාත්‍යංශය විසින් කර ඇති ඉල්ලීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. රජයේ සේවකයන් අවුරුදු 60 ඉක්මවීමෙන් පසු විශ්‍රාම ගැන්වීමට ගෙන ඇති තීරණය අනුව යමින් මෙම තානාපතිවරුන් සිව්දෙනා සහ මහකොමසාරිස්වරයා ආපසු කැඳවීමට රජය තීරණය කර ඇත.

මේ අනුව රියාද්හි ශ්‍රී ලංකා තානාපති පී.එම්. අමාස්, බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වාදම්, ඔමාන්හි ශ්‍රී ලංකා තානාපති ඒ. සබරුල්ලා ඛාන්, පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති එස්. ඩී.කේ. සේමසිංහ සහ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ.එම්.ජේ. සධික් යන මහත්ම මහත්මීහු මෙසේ ආපසු කැඳවීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment