විශ්‍රාමය පමා වුණැයි කළකිරී ගුවන් හමුදා සැරයන් දුම්රියට ගෙල තබයි

178

ප්‍රමාදවී විශ්‍රාම ගැන්වීමේ සිද්ධියක් මුල්කරගෙන සිත්තැවුලට පත් ගුවන් හමුදා සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන ගුවන්හමුදා කඳවුරේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පාදුක්ක බෝපේ පදිංචිව සිටි පණ්ඩිතගේ පුබුදු ප්‍රියදර්ශන නමැති 42 හැවිරිදි දෙදරු පියෙකි.

මීට මාස කීපයකට පෙර විශ්‍රාම යාමට නියමිතව සිටි මියගිය සැරයන්වරයාගේ විශ්‍රාම යාමේ කටයුතු සම්බන්ධයෙන් ආයතනික ප්‍රශ්නයක් නිසා මියගිය අය දැඩි සිත්තැවුලකින් පසුවූ බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයිග

සිද්ධිය වූ දින කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ පස්වරු 6.20 ට පමණ කොට්ටාව දුම්රිය ස්ථානයේ නවතා නැවත ධාවනය කිරීමේදී මියගිය සැරයන් වරයා දුම්රියට ගෙල තබා තිබෙන අතර එහිදී ඔහුගේ ගෙල සිරුරෙන් වෙන්වී ඇතැයි පොලිසිය කියයි.

මියගිය අය පිළිබඳ මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා විසින් පැවැත්වීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබඳව කොට්ටාව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්ග කේගජීග සුභාෂණ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment