පිළිකා රෝගය වැළඳේද? – ජන්ම පත්‍රයෙන් පරීක්ෂා කරමු

360

ශරීරයේ ඕනෑම තැනක සෛලවල අසාමාන්‍ය මෙන්ම පාලනයෙන් තොර වර්ධනයක් සිදුවීම පළිකා රෝගයේ ද ප්‍රධාන ලක්ෂණය වෙයි. මේ නිසාවෙන් විවිධ රෝග ලක්ෂණ පහලවන අතර එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන ස්ථානයේ ශරීර පටක හෝ සෛල ඉවත්කර ගෙන කරන විශේෂ පරීක්ෂණ (Biopsy Tests) මගින් පිළිකා රෝගය තිබේ දැයි හඳුනාගනු ලබයි.

ජන්මපත්‍රයක් පරීක්‍ෂාවෙන්ද පිළිකා රෝගය එම ජන්මියාට වැළඳේද? එය සුව කළ හැකිද? යනාදිය පරීක්‍ෂා කළ හැකිය. මෙහිදී ප්‍රධාන වශයෙන් ගුරු, සෙනසුරු, රාහු සහ කේතු යන ග්‍රහයන් කෙරෙහි අවධානය යොමුකරනු ලබයි. එසේම හයවැන්න, අටවැන්න සහ දොළොස්වන භාවයන් සහ ඒවායේ අධිපතීන් ගැන ද අවධානය යොමු කළ යුතුය.

පහත රූපසටහනට අවධානය යොමු කරන්න

ගුරු ග්‍රහයා හයවන භාව අධිපති, අටවන භාව අධිපති, දොළොස්වන භාව අධිපති, හයවැන්න, අටවැන්න, දොළොස්වැන්න සෙනසුරු, රාහු, කේතු ගුරු, සෙනසුරු, රාහු සහ කේතු යන ග්‍රහයන් සහ හයවැන්න, අටවැන්න සහ දොළොස්වන භාවයන් සහ ඒවායේ අධිපතීන් ගේ සම්බන්ධතාව පරීක්ෂා කරන ආකාරය මීළඟට බලමු.

(i) ගුරු ග්‍රහයාගේ නැකැත් අධිපති හෝ උප අධිපති සෙනසුරු හෝ රාහු හෝ කේතු නම් හෝ සෙනසුරු හෝ රාහු හෝ කේතුගේ නැකැත් අධිපති හෝ උප අධිපති ගුරු නම්

(ii) ගුරු ග්‍රහයා සෙනසුරු හෝ රාහු හෝ කේතු සමග යෝග නම් හෝ

(iii) ගුරුට අයත් රාශි (භාව) වල සෙනසුරු හෝ රාහු හෝ කේතු තැන්පත් නම්

(iv) සෙනසුරු හෝ රාහු හෝ කේතුට අයත් රාශිවල ගුරු තැන්පත් නම්

(v) ගුරු ග්‍රහයාගේ නැකැත් අධිපති හෝ උප අධිපති හයවන හෝ අටවන හෝ දොළොස්වන භාවවල අධිපති නම් හෝ හයවන හෝ අටවන හෝ දොළොස්වන භාවවල නැකැත් අධිපති හෝ උප අධිපති ගුරු ග්‍රහයා නම්

(vi) හයවන හෝ අටවන හෝ දොළොස්වන භාවවල ගුරු තැන්පත් නම්

(vii) හයවන හෝ අටවන හෝ දොළොස්වන භාවවල තැන්පත් ග්‍රහයන්ගේ නැකැත් අධිපති හෝ උප අධිපති ගුරු ග්‍රහයා නම්

(viii) හයවන හෝ අටවන හෝ දොළොස්වන භාවවල අධිපතීන්ගේ නැකැත් අධිපති හෝ උප අධිපති සෙනසුරු හෝ රාහු හෝ කේතු නම්

(ix) සෙනසුරු හෝ රාහු හෝ කේතුගේ නැකැත් අධිපති හෝ උප අධිපති හයවන හෝ අටවන හෝ දොළොස්වන භාවවල අධිපතීන් නම්

(x) පළිකා රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩිය.

(xi) කිසියම් කේන්දරයක හයවැන්න, අටවැන්න, සහ දොළොස්වැන්න යන භාව තුනටම ඉහත කී ග්‍රහයන්ගේ සම්බන්ධතාව දක්වයි නම් එම ජන්මියාට පිළිකා වැළඳීමේ අවදානම වැඩිය. සුවය ලැබීමේ අවස්ථාවද අඩුය. නමුත් ඉහතකී ග්‍රහයන්ගේ සම්බන්ධතාව පස්වන (5) නමවන (9) සහ එකොළොස්වන (11) භාවයන්ටත් දක්වයි නම් සුවය ලැබීමේ ඉඩක් ඇති බව පෙන්වයි. එසේම ඉහත කී ග්‍රහයන්ගේ සම්බන්ධතාව පළමුවන (1) හතරවන (4) සහ දහවන (10) භාවයන්ටත් දක්වයි නම් සුව කළ නොහැකි වුවත් රෝගය පාලනය කළ හැකි බව පෙන්වයි.

ජ්‍යොතිෂ උපදේශක
සරත් මහීපාල
ජ්‍යොතීර් විද්‍යා ශිරෝමණී, බීඒ, එම්ඒ, ජනමාධ්‍ය විද්‍යා ඩිප්ලෝමා
දුරකථන: 0705037446 / 0718066249 / 0112818933

advertistmentadvertistment
advertistmentadvertistment