කිළිනොච්චියේ සිට සරණාගතව ඉන්දියාවට ගිය කතකට කෝටි 09 ක ලොතරැයියක් ඇදෙයි

858

කිළිනොච්චියේ සිට ඉන්දියාවේ තමිල්නාඩුවට ගොස් සරණාගතයන් වශයෙන් කල් ගෙවූ කාන්තාවකට ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් නවකෝටි අසූ දෙලක්ෂයක තෑගි මුදලක් අබුඩාබියේ ලොතරැයි දිණුමකින් ඇයට හිමි වී තිබේ.

තමිල්නාඩුවේ සිටි ඇය විවාහ වීමෙන් පසුව අබුඩාබියේ රැකියාවකට ගොස් ඇති අතර එහිදී මිලට ගත් ලොතරැයි පතකට අබුඩාබී ඩිරාම් මිලියනයක (රුපියල් 9,82,52,277.32ක ) මුදලක් හිමි වී තිබේ.

ලොතරැයි පත් 80 ක් මිලට ගත් අරුල්සේකරම් සෙල්වරාණී නැමති එම කාන්තාවට අදාළ ලොතරැයි දිණුම හිමි වනවන විටත් ඇය නිවාඩුවකට තමිල්නාඩුවට පැමිණ ඇති අතර ත්‍යාග මුදල සම්බන්ධයෙන් ඇයව දැනුවත් කොට ඇත්තේ අදාළ ලොතරැයි සමාගම විසිනි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment