අම්පිටිය කෝටිපති කතගේ ඝාතකයා සොයා විමර්ශන

1429

මහනුවර වැව රවුමේ අම්පිටිය හන්දියේ පිහිටි නිවසක තනිව පදිංචිව සිටි කෝටිපති කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරු සොයා විමර්ශන කණ්ඩායම් හතරක් යොදවා ඇති බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතා පවසයි.

අදාළ සිද්ධිය 14දා දහවල් 2 ට පමණ සිදුව තිබෙන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා නිවසින් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක නැගී ගිය බවට සාක්ෂි ලැබී ඇති බව ද පොලීසිය පවසයි. ත්‍රීරෝද රථ රියදුරුගෙන් පොලිසිය ප්‍රශ්න කොට තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ කමනී රණසිංහ (64) නමැති දෙදරු මවකි.

ඇය කම්කරු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණියේ රැකියාවක නියුක්තව සිට විශ්‍රාම ලැබ නිවසේ තනිව ජීවත්ව සිට ඇත. අදාළ කාන්තාවගේ සැමියා මියගොස් ඇත. දරුවන් දෙදෙනා ඔස්ටේ්‍රලියාවේ පදිංචි බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය ලංකාවට පැමිණ ඇති අතර මහනුවර ජාතික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දේහය දියණියට භාරදීමට නියමිත බවද පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ කාන්තාවට මහනුවර වැව රවුමේ අම්පිටිය හන්දියේ ගොඩනැගිලි කිහිපයක හිමිකාරියක් බවත් ඒවායින් ඇයට මාසිකව ලක්ෂ ගණනක මුදලක් කූලී ලෙස ලැබෙන බවත් දැන ගන්නට ඇත.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment