දේශබන්දු තෙන්නකෝන්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

76

පසුගිය වසරේ මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයට රැස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාපැන අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තම අධිකරණය විසින් පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07 දා) නියෝග කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත එම විමර්ශනවල සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කර තිබුණත් මේ වනවිට අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාගේ එම උපදෙස් ලිපිය බල රහිත කර ඇති බව කියමින් දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකු කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා දේශබන්දු තෙන්නකොන් ඇතුළු 17 දෙනෙකුට හා විමර්ශනවල සාක්‍ෂිකරුවන් ලෙස හඳුනාගෙන තිබූ 7 දෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය වසරේ මැයි 12 වැනිදා නියෝගයක් නිකුත් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment