ගෙදර ලයිට් කැපුවා කියා තරුණයෝ දෙදෙනෙක් මධ්‍යස්ථානයේ යකා නටලා

358

‍විදුලි බල මණ්ඩලයෙන් රතු බිලක් එවා සිය නිවසේ විදුලිය විසන්ධි කළ බව පවසමින් තරුණයන් දෙදෙනකු යාපනයේ වඩුක්කෝඩෙයි විදුලි මධ්‍යස්ථානයට කඩා වැදී එහි නිලධාරීන්ට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වීමට පැමිණි ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට 6 දා පහර දී පලා ගොස් තිබේ.

මෙම තරුණයන් දෙදෙනා නිලධාරීන්ට පවසා ඇත්තේ රතු බිලක් එවීමට හෝ විදුලිය විසන්ධි කිරීමට කිසිම හේතුවක් නොමැති නිසා වහාම ඒ ගැන තොරතුරු තමන්ට පවසන ලෙසයි.

පැහැදිලි පිළිතුරක් ලබා දීමට නිලධාරීන් අපොහොසත් වූ අවස්ථාවේදී තරුණයන් දෙදෙනා නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර ඇත.

මෙසේ පැමිණි තරුණයන් දෙදෙනා යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු බවට හඳුනාගෙන ඇති අතර වඩුක්කෝඩෙයි පොලිසිය ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

පහර කෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා වඩුක්කෝඩෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment