ශ්‍රී ලංකාවේ විශාලතම ගනුදෙනුකාරුවන් සංඛ්‍යාවක් හිමි ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු ප්‍රමාණයක් වාර්තා කරමින් යළිත් වරක් සිය ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය පෙන්නුම් කර තිබේ.

මහජන බැංකුව, ශාඛා හා සේවා මධ්‍යස්ථාන 747කින් සහ ATM,CDM හා CRM යන්ත්‍ර 1,150කට අධික පුළුල් ජාලය ඔස්සේ සිය ගනුදෙනුකරුවන්ට අසමසම සේවාවක් පිරිනමයි. එමෙන්ම එහි People’s Wave App, People’s Wyn Apps සහ People’s Pay Digital Wallet app යන යෙදවුම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්‍ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යාමට සමත් වී තිබේ. මේ වනවිට මිලියන දෙකකට වැඩි සක්‍රිය පරිශිලකයින් පිරිසක් People’s Wave යෙදුම බාගත කර ඇති අතර, 50කට වැඩි විවිධ මූල්‍ය ගනුදෙනු සේවා ප්‍රමාණයක් සහ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් බැංකු සේවා ඉටුකර ගැනීමට හැකියාව ලබාදෙන නවීන බැංකු පහසුකම් රැසක් ද මෙම සේවාවෙහි අන්තර්ගත වේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලීන් පතිරණගේ මහතා ‘මහජන බැංකුව සිය ඩිජිටල් බැංකුකරණ පහසුකම් ඔස්සේ තෝරාගත් කොටසකට පමණක් සීමානොවී සමස්ත සමාජයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි බාධාවකින් තොරව සහ කාර්යක්ෂම සේවාවන් සැපයීම සඳහා කැපවී සිටිනවා. අවුරුදු සමයේදී අප වාර්තා කළ ඉහළ කාර්ය සාධනය, මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් අප බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ මනා නිදසුනක් වනවා.’

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747 කින් සමන්විත මහජන බැංකුව, මිලියන 14.7කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම් සහිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment