බැංකුකරණයේ නව යුගයකට දොරටු විවර කරමින්, වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ තිහගොඩ ශාඛාව ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි.

මේ වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් ඩී. එච්. යූ. සඳමාලි, තිහගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් ගීතා නිහාරි, දකුණු පළාත් සහකාර මහා කළමනාකාරිණී මනොෂිකා හේරත්, දකුණු පළාත් මෙහෙයුම් කළමනාකරු ජනත් ප්‍රසංක, මාතර ප්‍රාදේශීය කළමනාකාරිණී උදානී කාරියවසම් සහ තිහගොඩ ශාඛා කළමනාකාරිණී එල්. ඒ. එන්. ලසන්ති යන මහත්ම මහත්මීහු ඇතුළු ලංකා බැංකු කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ හා ගනුදෙනුකරුවෝ රැසක් සහභාගි වූහ.

තිහගොඩ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන ජනතාව සාමාජීය හා ආර්ථික වශයෙන් බල ගන්වමින්, ඔවුන් වෙත මූල්‍ය පහසුකම් සමගින් සියලු‍ ම බැංකු සේවාවන් ලබා දීම අභිනවයෙන් විවෘත කෙරුණු ලංකා බැංකු ශාඛාවේ අරමුණ වන අතර, දිවයින පුරා පිහිටා ඇති 653ක් වූ ලංකා බැංකු ශාඛා ජාලය හා 2000කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වී ඇති නිසා තිහගොඩ ප්‍රදේශය ආශ්‍රිත ගනුදෙනුකරුවන්ට මෙම ශාඛාව හරහා රටේ ඕනෑ ම ප්‍රදේශයක් සමඟ මෙන් ම ජාත්‍යන්තර ව ද ගනුදෙනු සිදු කිරීමේ වරප්‍රසාදය හිමිවේ. එමෙන් ම ඉතිරිකිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ආයෝජන සැලසුම්, නිවාස හා පෞද්ගලික ණය, අධ්‍යාපන ණය, කල්බදු , උකස් සේවා වැනි මූල්‍ය පහසුකම් රැසක් මෙන් ම සුවිශේෂී ණය පහසුකම් ද තිහගොඩ ශාඛාව මගින් ලබාගත හැකි වීම විශේෂිත ය. එමෙන් ම ගනුදෙනුකරුවන්ට Debit හා Credit කාඩ් පත්, ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් මෙන් ම ප්‍රේෂණ සේවාවන් ද සහිතව තිහගොඩ ශාඛාව මගින් අංගසම්පූර්ණ බැංකු සේවාවක් ලබා ගත හැකි වේ.

මෙම වැඩසටහනට සමගාමීව ලංකා බැංකුව මාතර අධි ශ්‍රේණි ශාඛාවේ 10 වැනි CRM යන්ත්‍රය කඹුරුගමුව ලැබීම රෝහල් පරිශ්‍රයේදී විවෘත කිරීමද එදිනම සිදු විය. ලැබීම රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය ඇතුළු එම රෝහල් පරිශ්‍රය වෙත පැමිණෙන සාමාන්‍ය ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීමේ අරමුණින් ස්ථාපිත මෙම CRM යන්ත්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, කඹුරුගමුව ලැබීම රෝහලේ අධ්‍යක්ෂ ආර්. පී. සරත්, කඹුරුගමුව කොටවිල පොලිස් ස්ථානාධිපති එච්. වී. එම්. ඒ. කරුණාරත්න, කඹුරුගමුව ලැබීම රෝහල් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණී සමන්තා වන්නිආරච්චි, ලංකා බැංකුවේ දකුණු පළාත් සහකාර මහා කළමනාකාරිණී මනෝෂිකා හේරත්, දකුණු පළාත් මෙහෙයුම් කළමනාකරු ජනත් ප්‍රසංක, ලංකා බැංකු මාතර අධි ශ්‍රේණි ශාඛාවේ වැඩ බලන ප්‍රධාන කළමනාකාරිණී ආර්. ඩබ්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු ලංකා බැංකුවේ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවෝ, ලැබීම රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ සහ ගනුදෙනුකාර භවතුන් රැසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment