ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි උපදේශන මොබයිල් සේවාව වන ‘ගොවිමිතුරු’ සේවාව, මෙරට කෘෂි ක්ෂේත්‍රයේ නිරත වන පිරිසට අත්වැලක් ලෙසින් හඳුන්වා දෙනු ලැබූවකි. එමගින්, තේ වගාකරුවන්ට හොඳම විසඳුම් පිරිනමමින් ‘ගොවිමිතුරු’ හරහා සමස්ත තේ ක්ෂේත්‍රය නගා සිටුවීම පිණිස ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය, තේ පර්යේෂණ ආයතනයේ පැවති විවෘත දින වැඩසටහනේදී තවදුරටත් ශක්තිමත් කෙරිණි.

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය හා දීර්ඝකාලීන සහයෝගීතාව සඳහා අත්වැල් බැඳගත් ‘ගොවිමිතුරු’ සේවාව මගින්, තේ වගාව සඳහා ඉවහල් වන හොඳම ක්‍රමවේද ඉදිරිපත් කරමින් මෙරට තේ ගොවීන් පුළුල් ලෙස දැනුවත් කිරීමට කටයුතු කෙරේ. ඒ සඳහා අඛණ්ඩව මඟ පෙන්වන හොඳම මූලාශ්‍රයක් ලෙසින් ‘ගොවිමිතුරු’ තුළින් ගොවීන්ට අත්‍යවශ්‍ය වගා උපදෙස් ලබාදීම එම සහයෝගීතාවයේ අරමුණයි. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක හා අනුගතව, නවීනතම ඩිජිටල් කෘෂි විසඳුම් පිරිනමමින්, සමස්ත තේ ක්ෂේත්‍රයේ නවීකරණයන් සිදුකිරීම සඳහා වන මුලපිරීමක් ලෙසින්ද, ‘ගොවිමිතුරු’ හැඳින්විය හැකිය. තමන් වගා කරන බෝග සම්බන්ධයෙන් නිසි කලට නිසි තොරතුරු දැනගැනීම සඳහා වන මූලාශ්‍රයන්හි හිඟකම, මෙරට තේ ගොවීන් මෙන්ම අනෙකුත් ගොවීන්ද මුහුණපාන බරපතල ගැටලු‍වක් වේ. එම ගැටලු‍වට විසඳුමක් වශයෙන්, තේ ද ඇතුළුව බෝග 32 ක් සඳහා භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ගෙන ඒම, ‘ගොවිමිතුරු’ සේවාව මගින් සිදු කරයි.

‘ගොවිමිතුරු’ app එක Google PlayStore හරහා ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් හෝ 616 අමතා වොයිස් (voice) සේවාව සක්‍රීය කරගැනීමෙන් මෙම කෘෂි තොරතුරු වෙත පිවිසීමට ගොවි ජනතාව වෙත අවකාශ සලසා දි ඇත. මෙලෙස එක්වන ගොවීන්ට කාර්යක්ෂම වගා ක්‍රම වෙත යොමුවීමෙන් හා බෝග ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගැනීමෙන් අවසානයේ වැඩි අස්වැන්නක් නෙළා ගැනීමට හැකියාව සැලසේ.

ඩයලොග් නුවරඑළිය ප්‍රදේශ භාර, පුබුදු සමරවික්‍රම, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් නවෝත්පාදන හා යෙදවුම්- ඒකක කළමනාකාර තරුෂ වනිගසේකර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන, තේ පර්යේෂණඅ ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කේ. එම්. මොහොට්ටි, තේ පර්යේෂණ ආයතනයේ මැද රට ප්‍රාදේශීය මධ්‍යස්ථානය භාර නිලධාරී/ උපදේශන නිලධාරී කේ. ආර්. ඩබ්ලිව්. බී. කහඳව මහතා හා ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් යෙදවුම් තිරසාර අංශ උපදේශක මලිත් දේවසුරේන්ද්‍ර යන මහත්වරු ඡායාරූපයේ දැක්වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment