කාගිල්ස් ‘ගමෙන් ගෙදරට’ – දෙමටගොඩ කාගිල්ස් චතුරස්‍රයේදී නැවතත් ඇරඹේ

274

කාගිල්ස් ‘ගමෙන් ගෙදරට’ යනු රටේ අංකුර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පුළුල් පාරිභෝගික ජාලයක් සමඟ සම්බන්ධ වීමට වේදිකාවක් ලබා දෙමින් ඔවුන්ව ශක්තිමත් කිරීමේ අරමුණින් ඇරඹු වැඩසටහනකි. 2020 සැප්තැම්බර් මස එළිදැක්වූ මෙම වැඩසටහන කොවිඞ් වසංගත කාලය හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමට සිදු වුණි.

පසුගිය වසරේ පැලවත්ත, කඳාන, මාලඹේ, රාවතාවත්ත සහ කොස්වත්ත යන ශාඛාවලදී පැවැත්වූ මෙයට ජනතාවගෙන් ලැබුණේ ඉතා හොඳ ප‍්‍රතිචාරයන්ය. මෙම වැඩසටහන පසුගිය සතිඅන්තයේදී (නොවැම්බර් 13 සහ 14) නැවතත් ආරම්භ කරනු ලැබුවේ දෙමටගොඩ කාගිල්ස් චතුරස‍්‍රයේදීය. ඒ සදහා තෝරාගත් දේශීය ව්‍යවසායකයින් කිහිපදෙනෙක්ට ආරාධනා කරනු ලැබුවේ ඔවුන්ගේ විවිධත්වයෙන් යුත් නිෂ්පාදන අප සූදානම් කර තිබූ කුටිවල ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ සලසමිනි. අත් යන්ත‍්‍ර සහ හස්ත කර්මාන්ත, වේවැල් නිෂ්පාදන, බිම්මල් නිෂ්පාදන, සම්ප‍්‍රදායික ආයුර්වේද ශාකසාර නිෂ්පාදන, රසකැවිලි සහ වෙනත් විවිධ කෑම වර්ග ආදිය මෙහිදී විකිණීමට තබා තිබුණි.

මෙම වැඩසටහනේ පළමු දිනයේදී ප‍්‍රධාන අමුත්තා ලෙසින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක නිහාල් ලියනගේ මහතා සහභාගී වූවේය. එසේම කාගිල්ස් සිලෝන් පොදු සමාගමේ උප සභාපති රංජිත් පේජ් මහතා, කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක/ ප‍්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා සහ ආයතන දෙකේම සාමාජිකයින් මෙම අවස්ථාවට එක් වූයේ දේශීය ව්‍යවසායකයින් ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට සහභාගීවූ පාරිභෝගිකයින් සමඟ එක් වෙමිනි. පවතින තත්ත්වය හමුවේ, මෙම අවස්ථාවට පැමිණි සියලූ‍ දෙනාට ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලූ‍ම සෞඛ්‍ය සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment