ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, යූනියන් බැංකුවේ බැංකු රක්ෂණ අංශය වෙනුවෙන් සම්මාන පිරිනැමීම සඳහා බත්තරමුල්ලේ පැවති Diamond Awards 2023 සම්මාන උළෙලට සත්කාරකත්වය සැපයීය.

නොබිඳෙන දීප්තිය‍ (Unbreakable Brilliance) යන තේමාව යටතේ බැංකු රක්‍ෂණ අංශයේ හවුල්කාරිත්වයේ ප්‍රබලත්වයට සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වයේ ශක්තිමත්භාවයට ගැලපෙන පරිදි මෙම සම්මාන උළෙල පැවැත්විණි. මෙම අවස්ථාවට යූනියන් බැංකුවේ බැංකු රක්ෂණ අංශයේ ජයග්‍රාහකයින් හඳුනාගෙන ත්‍යාග පිරිනැමීම සඳහා සමාගම් දෙකෙහිම විධායක කමිටු සාමාජිකයින්, කළමනාකාරීත්වය සහ කණ්ඩායම් සාමාජිකයෝ සහභාගි වූහ.

මෙහිදී, ජයග්‍රාහකයින් 85 දෙනෙකුට අධික සංඛ්‍යාවකගේ සේවය අගයනු ලැබූ අතර, මෙම උත්සවයේ ප්‍රධාන විශේෂත්වය වූයේ, 2023 වසරේ පැවති දියමන්ති සම්මාන තරගාවලියේ ජයග්‍රාහකයින් සහ ප්‍රධාන විධායක නිලධාරී තරගාවලිය (CEO’s Lounge Competition) සඳහා සුදුසුකම් ලැබූ සාමාජිකයින් අගැයීමයි. මෙහිදී, මුදල් ත්‍යාග සහ විදෙස් සංචාර ඇතුළු විස්මිත ත්‍යාග රැසක් ජයග්‍රාහකයින්ට පිරිනමන ලදී.

විශිෂ්ටතම කලාප කළමනාකරුට හිමි සම්මානය චමින්ද ප්‍රනාන්දු විසින් දිනා ගත් අතර, කලාපීය කළමනාකාර කාණ්ඩය යටතේ ඉහළම ආදායම් උත්පාදනය සඳහා වන සම්මානය කසුන් ද සිල්වා විසින් දිනා ගන්නා ලදී. පිටකොටුව ශාඛාව වාර්ෂික ශූරතා පළිහ දිනා ගත් අතර, වරකපොල, කුලියාපිටිය, කොටහේන, මොරටුව, නාවල සහ බොරැල්ල ශාඛාවන් 2023 වසරේ දියමන්ති සමාජ ජයග්‍රාහකයින් ලෙස අගැයීමට පාත්‍ර විය.

advertistmentadvertistment
advertistmentadvertistment