අළුත්ගම කන්දේ විහාර ක්‍ෂේත්‍රාරාම මහ පිරිවෙණ දෙවනවර ආරම්භ කර වසර 50 ක් සම්පූර්ණ වූදා

55

අළුත්ගම කන්දේ විහාර ක්‍ෂේත්‍රාරාම මහා පිරිවෙණ දෙවන වරට ආරම්භ කොට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කළ ස්වර්ණ ජයන්ති උත්සවය ඉකුත්දා ඓතිහාසික කන්දේ විහාරස්ථානයේ ශ්‍රී සරණ තිස්ස ගුණානුස්මරණ ධර්මශාලාවේදී පවත්වන ලදී. එහිදී ස්වර්ණජයන්ති උත්සවය වෙනුවෙන් ශ්‍රී වාගීශොදය නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ද එළිදක්වන ලදී.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ අධ්‍යක්‍ෂ ගිරුවාපත්තුවේ ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ස්වර්ණ ජයන්ති උත්සවය සංවිධානය කරන ලද්දේ වර්තමාන ක්‍ෂේත්‍රාරාම මහ පිරිවෙන් පරිවේනාධිපති කළුතර කලාපයේ හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දාපනේ ශ්‍රී මහින්ද හිමි සහ කෘත්‍යාධිකාරි නාහිමියන්ගේ අනුශාසනා මත ක්‍ෂේත්‍රාරාම මහා පිරිවෙණ ආදි ශිෂ්‍ය සංගමය විසිනි. එහි අවස්ථාවන් කීපයක් ඡායාරූපයන්ගෙන් දැක්වේ.

අළුත්ගම කන්දේ විහාර ක්‍ෂේත්‍රාරාම මහ පිරිවෙණ දෙවනවර ආරම්භ කර වසර 50 ක් සම්පූර්ණ වූදා

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment