ගුත්තීල ගුරුගෝල සුසංයෝගයේ ප්‍රතිරාවය

197

වෙසක් මාසයේ උදාවත් සමගින් දසත පැතිර යන්නේ බුද්ධාලම්බන ප්‍රීති ප්‍රමෝදයේ චමත්කාරයයි. වෙසක් පොසොන් දෙමාසයම බෞද්ධයන්ට අතිසුවිශේෂී වූ සමයක්ම වේ. බොහෝවිට වෙසක් තොරණ නිර්මාණය වන්නේද ජාතක කතාවක් අනුසාරයෙනි.

පන්සිය පනස් ජාතක කතා මාලාවට ඇතුළත් වූ ගුත්තිල ජාතක කතාව ඇසුරින් සනත් අබේසේකර තිර රචනය ලියමින් නිර්මාණය කළ ගුත්තිල සිනමා පටය මෙසමයේ තිරගත කරවීමට සැලසුම් කර තිබීමද බෞද්ධ සැදැහැවතුන්ට ප්‍රීතිය ගෙන දෙන්නක් විය හැකිවනු ඇත. සුභාවිත ගීතය අර්ථවත් කළ විශාරද එඩ්වඩ් ජයකොඩි සංගීතවේදී ගායන ශිල්පියා ගේ කුඵඳුල් සිනමා නඵ භූමිකාව සනිටුහන් වන්නේද ගුත්තිල සිනමා කාව්‍ය තුළිනි.

ගුත්තීල ගුරුගෝල සුසංයෝගයේ ප්‍රතිරාවය
ගුත්තීල ගුරුගෝල සුසංයෝගයේ ප්‍රතිරාවය

පූජ්‍ය වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය කෘතිය පාදක කර ගනිමින් නිර්මිත ගුත්තිල සිනමා කෘතිය දිගහැරෙන්නේ” බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු ගේ පාලන සමයෙනි.ඒසමයේ බෝධිසත්වයාණන් වහන්සේ ගාන්ධර්ව විද්වත් කුලයක ඉපදී” ගාන්ධර්ව නම් ශිල්පය නිමවා ගුත්තිල (එඩ්වඩ් ජයකොඩි) යන නමින් දඹදිව ප්‍රකටව බ්‍රහ්මදත්ත රජුගේ රජ වාසලේ ප්‍රධාන ගාන්ධර්වයාද විය.

බරණැස සිට වෙළඳාමේ ගිය මක්කලී (සනත් ගුණතිලක)” මාගන්දි (ගිරිරාජ් කෞශල්‍ය)” හෝදණ්ඩ (සරත් චන්ද්‍රසිරි) හා කු`ඵදත්ත (හේමන්ත ඊරියගම) යන වෙළඳුන් සතර දෙනාට උදේනිපුරදී වෙහෙස නිවා ගැනීම සඳහා ගීත වාදනයක් ඇසීමේ සිත් පහලව” එපුර විසූ ප්‍රකට ගාන්ධර්වයා වු මූසිල (අඛිල ධනුද්ධර) කැඳවයි. මූසිලගේ වාදනයෙන් වෙළඳුන් තුටු නොවෙයි. බරණැස වෙසෙන ගුත්තිල ඇදුරු ගැන ඔවුන් ගුණ වයන කල” එතුමන් හමුවට තමන් රැගෙන යන ලෙස මූසිල අයදියි. ඒ අනුව ගුත්තිල ඇදුරු හමුවට පැමිණෙන මූසිල” ගුත්තිල ඇදුරුගේ අන්ධ දෙමව්පියන්ට (සතිස්චන්ද්‍ර එදිරිසිංහ” අයිරාංගනී සේරසිංහ) ඇප උපස්ථාන කරමින් කාලය ගෙවයි. ගුත්තිල ඇදුරු ගැන හිතැතිව චුන්නා (යශෝධා විමලධර්ම) ද එම දෙමව්පියන්ට ඇප උපස්ථාන කරන්නේ ඇය ගේ මවගේ (නදීකා ගුණසේකර) දැඩි විරෝධය මතය. තම දෙමව්පියන් ගේ ඇවිටිලි කිරීම මත මූසිලට වීණා වාදනය උගැන්වීමට ගුත්තිල ඇදුරු කටයුතු කරයි. දිනක් මූසිලද කැටිව බ්‍රහ්මදත්ත රජු (ශ්‍රීමාල් වෙඩිසිංහ) හමුවට මූසිල පිටත්ව යයි. රජ බිසවත් (වීණා ජයකොඩි) රජ කුමරියත් (චුලක්ෂි රණතුංග) ගුත්තිල ඇදුරු ගේ වීණා වැයුමට බොහෝ සේ ඇඵම් කරයි. තම ගුරුවරයාවු ගුත්තිලට ඇති සැලකීම පිළිබඳව මූසිල ඊර්ෂ්‍යාවෙන් පෙළෙයි. ගුරුවරයා පරදා එතැන් ගැනුමට මූසිල වෙර දරයි. නොයෙක් දිනවල රජ වාසලේ වෙසෙන සුනාපරත (මහින්ද පතිරගේ) සහ මල්මදිරා (පූජනී භාග්‍යා) ගේ විහිඵ තහ`ඵ වලට ලක්වීමටද මූසිලට සිදුවේ. සමතැන් ලබා ගැනුමට රජුගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලද කල” ගුරු ගෝල ද්වන්ධ සටනකට රජුගේ අවසරය හිමිවෙයි. ගුරුගෝල සටනින් ගුත්තිල ඇදුරු ජය ලබනා අතර” ආනන්තරික කර්මයට නතුවන මූසිලව බරණැසින් ද පිටුවහල් කරනු ලබයි.

ගුත්තීල ගුරුගෝල සුසංයෝගයේ ප්‍රතිරාවය
ගුත්තීල ගුරුගෝල සුසංයෝගයේ ප්‍රතිරාවය
ගුත්තීල ගුරුගෝල සුසංයෝගයේ ප්‍රතිරාවය

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ සමඟින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පබැඳු ගී සංකල්පනාවන්” දිනේෂ් සුභසිංහගේ මධුර නාද මාලාවන් තුළ විශාරද එඩ්වඩ් ජයකොඩි හා අඛිල ධනුද්ධර විසින් ලයාන්විතව ගයනු ලබයි. ඉනෝකා අහංගම සහ දයානාත් බණ්ඩාරගේ කවි ගායනා ගුත්තිල කෘතියට අලංකාරයක් එක්කර ඇත. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්‍ෂණයෙන්ද” ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්‍ෂණයෙන් හා පසුතල නිර්මාණයෙන්ද” තරංග රුක්මල්වල අංග රචනයෙන් ද” චන්දන වික්‍රමසිංහ හා චන්න විජේවර්ධන නර්තන වින්‍යාසයෙන්ද” ප්‍රවීන් ජයරත්න ශබ්ද පරිපාලනය” සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන්ද” සහය අධ්‍යක්‍ෂණයෙන් ආනන්ද එස්. කපුගේද” සටන් අධ්‍යක්‍ෂණයෙන් සුමුදු අමල්ක ද” විධායක නිෂ්පාදනයෙන් රොෂාන් සංජය හේරත් ද එක්ව ඇති ගුත්තිල තිස්ස නාගොඩ විතානයන්ගේ අධීක්‍ෂණය මත” හරේන් නාගොඩවිතාන සමගින් දිලිනි සිල්වා එක්ව නිෂ්පාදනය කර ඇත.

ගුත්තීල ගුරුගෝල සුසංයෝගයේ ප්‍රතිරාවය

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment