නවයුගාට සම්මාන දිත්වයක්

401

ගෝල්ඩන් ලීෆ් (Golden leaf) හා ”URUVATTI” ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලයන්හි හොඳම වාර්තා කෙටි චිත‍්‍රපටය ලෙස නවයුගා කුගරාජාගේ ”Pettaik Kozhi Koovi” කෙටි චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍ර විය.

Pettaik Kozhi Koovi යන නාමයෙන් අර්ථගැන්වෙන්නේ ‘‘කිකිළි හඬලන රෑ එළිවෙයිද?” යන්නයි. මෙම නිර්මාණය විවිධ ක‍්‍රම ඔස්සේ මාර්ගගත (Online) තාක්ෂණයේදී අසාධාරණයට හා අවමානයට ලක්වන කාන්තාවන්ගේ මානසිකත්වය යහපත්කොට ඔවුන්ගේ ආත්මශක්තිය වර්ධනය වන පරිදි දිරිගන්වා සමාජය ඉදිරියේ දණින් නොනැවටී ස්වශක්තියෙන් නැගී සිටිමින් තම අරමුණු ජයගන්නා අයුරු පෙන්වාදීම එකම අභිප‍්‍රාය වූ බව නවයුගා පවසා තිබේ.

”Pettaik Kozhi Koovi” නවයුගා කුගරාජා විසින් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය වූවකි. ගෝබායි රාමනාන්දගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, එම්.සී. රාජ්ගේ සංගීතයෙන්ද මාධනි අලහකෝන් පුස්සවෙලගේ කැමරාකරණයෙන්ද, මධාරා ගොඩගේ වේෂ නිරූපණයෙන්ද, චතුරාංගි රසිකලා පතිරගේ සහාය අධ්‍යක්ෂණයෙන් සහ ජෝෂුවා හෙබිගේ සංස්කරණයෙන් හැඩ වූ Pettaik Kozhi Koovi හි අයිශ්චර්යා එස්. වර්මන් හා පූර්විකා රාසසිංගම් රංගනයෙන් දායක වී තිබේ.

පාරමී

advertistmentadvertistment
advertistmentadvertistment