අනුෂා යුග දිවියට

830

ලීඩර්, සර් ලාස්ට් චාන්ස්, තෑන්ක් යූ බර්ටි, නෝනෙ මගෙ සුදු නෝනේ, මයි නේම් ඉස් බන්දු, සිංහ, මචං චාර්ලි සහ නිලංජනා වැනි සිනමා නිර්මාණවලින් අතිශය ජනාදරයට පාත්‍ර වූ සිනමා නිළියක් වගේම නර්තන රියැලිටි තරුවක් වූ අනුෂා දමයන්ති ඊයේ (27 වැනිදා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී යුග දිවියට එළැඹුණා.

අනූෂාව හැඩගැන්වීම් සිදුකළේ චන්දිමාල් ජයසිංහ විසිනි. සෙකන්ඩ් චාන්ස් ෆලවර් ආයතනය මල් සැකසුම සිදුකළ අතර සාරිය නිර්මාණය කළේ නියෝමි විජේසිංහය. සාරිය සඳහා අනුග්‍රහය සිදුකළේ රූප කලාය. ආභරණ ගිටානෝ කලෙක්ෂන් වෙතන් ලබාදෙන ලදී. මනාලයාගේ ඇඳුම කුලගෙදර විසින් නිර්මාණය කර ඇත. අනුෂාගේ අතිනත ගනු ලැබුවේ අමිල ජයතිලකය. අමිල ව්‍යාපාරිකයකු මෙන්ම ජාත්‍යන්තර කායවර්ධන තරගාවලි සඳහා ක්‍රීඩකයන් පුහුණු කරනු ලබන කායවර්ධන විනිසුරුවරයකු ලෙස ද කටයුතු කරනු ලබයි. ඉතින් අනුෂා – අමිලගේ යුග දිවියට දිවයින සිනමා කලා වෙතින් ද උණුසුම් සුබ පැතුම් එක් කරමු.

අනුෂා යුග දිවියට
අනුෂා යුග දිවියට
අනුෂා යුග දිවියට

ඡායාරූප අනුග්‍රහය ඩාර්ක් රූම්

advertistmentadvertistment
advertistmentadvertistment