උපාලි විජයවර්ධන 40 වැනි ගුණ සමරුවට කැලණි විහාරයේදී බෝධි පූජා පිංකමක් හා පහන් පූජාවක්….

123

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 40 වන ගුණ සමරුව නිමිත්තෙන් කැලණිය රජමහා විහාරාස්ථානයේදී ඊයේ (13දා) පස්වරුවේ බෝධි පූජාවක් හා පහන් පූජා පිංකමක් පැවැත්විණි. කැලණිය රජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවති පිංකමට උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ලක්මණි ආර්. වෙල්ගම, සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම, අධ්‍යක්ෂ කැලණිය රජමහා විහාරයේ බස්නායක නිලමේ ධම්මික ආටිගල යන මහත්ම මහත්මීන් ඇතුළු ආයතනයේ කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.

පින්තූර – නිශාන් එස්. ප්‍රියන්ත. සටහන – ජුඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment