මහරගම දැරියක් අතුරුදන්

904

නාවින්නල මහරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් ජනවාරි මස 7 වන දින සිට අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙතෙක් සිදුකරන ලද විමර්ශන අනුව අතුරුදන් වූ ගැහැණු දරුවා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව මහරගම පොලීසිය සඳහන් කරයි.

නේහා කෞමදි හේරත් නැමැති ඇය 15 හැවිරිදි වියේ පසුවේ.
උස අඩි 5 අඟල් 3ක් පමණය. තලෙළුයකොණ්ඩය පිට මැදට වවා ඇති අතර සිහින් සිරුරක් හිමිය.
අවසන් වරට ඇඳ සිටි ඇඳුම – කොළ පැැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමකි.
එම දැරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් මහරගම පොලිස් ස්ථානාධිපති වෙත දුරකථන අංක 071 8591645 වෙත හෝ පොලිස් ස්ථානය මහරගම – 011 2850222 සහ 011 2850700 වෙත දැනුම් දිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment