දුම්රියක ගැටී දැරියක් මරුට

510


මාතර වල්පල ප්‍රදේශයේදී ගාල්ල සිට බෙලිඅත්ත බලා ධාවනයවූ දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මියගොස් ඇත.ඊයේ රාත්‍රියේදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 16ක් වන නෝනගම, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

මියගිය දැරිය නිවසින් අතුරුදන්වී ඇති බවට අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ද ලැබී තිබුණු බව මාතර පොලීසිය සඳහන් කරයි.

මෘතශරීරය මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment