ගුරු – විදුහල්පතීන් ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් දිනක් හෝ සේවයට නෑවිත් සියලුම වැටුප් දීමනා අරන්

246

කොවිඞ් වසංගතය හමුවේ ගුරු විදුහල්පති ඇතුළු රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් එක් දිනක් හෝ සේවයට වාර්තා නොකර සියලූම වැටුප් හා දීමනා ලබාගැනීම පිළිබඳව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට නිරීක්‍ෂණය වී ඇත.

ගුරු – විදුහල්පතිවරුන් සඳහා වසර එකහමාරක සිට වැටුප් හා දීමනා ලබාදී විභාග අධීක්‍ෂණ කටයුතු සඳහාද ගෙවීම් සිදුකර ඇති බවත් විභාග පිළිතුරු පත‍්‍ර බැලීම සඳහා සහභාගිවී සිටි ගුරුවරුන් කොටසකටද ඒ සඳහා ගෙවීම් සිදුකර ඇති බවත් එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයන්ද මාස හයක පමණ සිට සේවයට නොපැමිණ හා පැමිණියත් නියමිත කාලයට පෙර සේවා ස්ථානයෙන් පිටවගොස් දීමනා සහ වැටුප් ලබාගෙන ඇතැයිද එම නිලධාරියා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment