ගසක් සමග විවාහයක්…

455

එංගලන්තයේ ලිවර්පුල් වරාය තෙක් ඉදිකරන අධිවේගී මාර්ගයට පිවිසුමක් ලෙසින් සෙෆ්ටන් හි පිහිටි රිම්රෝස් නිම්නය ඔස්සේ ද්විත්ව මාර්ගයක් ඉදි කිරීමේදී ඇති වෙන පාරිසරික හානිය ගැන ප‍්‍රදේශවාසීන් විසින් බලධාරීන්ට කරුනු ඉදිරිපත් කළා. නමුත් ඔවුන් ඒ ගැන සැලකීමක් නොකරම මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදු කරන විට ප‍්‍රදේශවාසීන් තව දුරටත් ඉවසා සිටියේ නැහැ. ඔවුන් අධිවේගයේ පිවිසුම් මාර්ගය ඉදිකිරීමට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කළා. මෙහිදී ප‍්‍රදේශවාසීන් අවධාරණයෙන්ම කියා සිටියේ අධිවේගී මාර්ගයක් ඉදිකිරීම නිසා රථවාහනවලින් නිකුත් වන දුම් පාරිසරික වශයෙන් දැඩි හානියක් ඇති කරන බවයි.‘‘කේට් කනින්හැම්’’ මේ වෙන විට වයස අවුරුදු 37 ක විවාහක කාන්තාවක්. ගුරුවරියක ලෙසින් සේවය කළ ඇගේ එකම පුතු ශ‍්‍රවණාබාධිත දරුවෙක්. ඔවුන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ සතුටු පවුලක් වුණා. ඒත් ඇයට අපූරු අදහසක් ඇති වුණා. බලධරයන්ගේ අත්තනෝමතික කි‍්‍රයාවන් නිසා පරිසරයට සිදු වෙන හානිය වළක්වා ගැනීම සඳහා අධිවේගී මාර්ගය ඉදි කරන විට කැපීමට නියමිතව තිබුන ‘‘එල්ඩර්’’ ගස විවාහ කර ගැනීමට ඇය අදහස් කළා.

හැබෑටම ගසකට ආදරය කරන්න ඔබට පුළුවනිද…? බොහෝ දෙනෙක් ඇගෙන් ඇසුවා. මුලදී ඇයට අවශ්‍ය වුණේ ‘‘එල්ඩර්’’ ගස ආරක්ෂා කර ගැනීමට උපායක් විදිහට මේ ගස සමග විවාහ වීමටයි. මීට පෙරාතුව මෙක්සිකානු කාන්තාවක්ද කේට් වගේම ගසක් සමග විවාහ වුණ ඉතිහාසයෙන්ද ඇය පන්නරය ලබා ගත්තා.

  • උත්සවයත් අලංකාරයි…

2019 වසරේ සැප්තැම්බර් මාසයේදී ඇය එල්ඩර් ගස සමග විවාහ වුණා.එල්ඩර් ගස පිහිටි මර්සේසයිඞ් සෙෆ්ටන් ප‍්‍රදේශයේදී මෙම විවාහ උත්සවය ඉතා අංලකාර ලෙසින් පැවැත්වීමටත් කටයුතු සැලසුම් කළා. ඇය මංගල ඇඳුම ලෙසින් ගසක පොත්තකින් සකස් කළ ඇඳුමක් පිළියෙළ කර ගත් අතර සීයා විසින් උපන්දිනයට තිලිණ කරන ලද මුදුව පැළඳ සිටියා. ඇගේ සැමියා සහ ඥාතීන්ද මෙම විවාහ උත්සවයේ ආරාධිත අමුත්තන් වුණා.

  • විවාහයට පසු එල්ඩර්…

සාමාන්‍ය සම්ප‍්‍රදායට අනුව කාන්තාවක් විවාහයෙන් පසුව සැමියාගේ වාසගම භාවිතා කරනවා. ඒ සම්ප‍්‍රදාය අනුව කේට් කනින්හැමි දැන් ‘‘කේට් එල්ඩර්’’ යන නාමයෙන් තමා හඳුන්වා ගෙන සිටිනවා. මෙදා නත්තලට ඇය සුබපැතුම්පත් යවා තිබුන‘With Winter Wishes, from Mr and Mrs Elder’ යනුවෙනුයි. දෙසැම්බර් 26 වෙනි දිනට යෙදී තිබුන ‘‘බොක්සිං දිනය’’ සැමරීමට ඇය එල්ඩර් ගසේ කඳ අලංකාර ලෙසින් වර්ණවත් කළා. දිලිසෙන කුඩු ඉස ගස අලංකාර කළා. දැන් අපේ විවාහයට අවුරුදු තුනක්. ඒ නිසා මගේ සැමියා අලංකාරව සරසන්න මට අවශ්‍ය වුණා.

  • ඔබ ඇත්තටම ගසට ආදරෙයිද…?

ඔව්.. ඇත්තටම මම එල්ඩර් ගසට ආදරෙයි. අපේ බැඳීම් ශක්තිමත් කිරීමේ හැකියාවක් ගසට තිබෙනවා. කොටින්ම එල්ඩර් සමග විවාහයෙන් මග් ජීවිතය අලූත් වුණා. මම සතියකට පස් වතාවක් සැමියා බලන්න එනවා. ඔහු සිප ගන්නවා. වැළඳ ගන්නවා. මගේ පෙම්වතා මා සමග එනවා. මගේ මේ හැසිරීමත් ඔහු දකිනවා. කොවිඞ් සමයේ අපි හැමදෙනාම හුදෙකලා වුණා. ඒ කාලයේ මම සැමියා සමග වැඩියෙන් කාලය ගත කළා. මගේ ජීවිතය එල්ඩර්…. මේ කේට්ගේ අදහසයි.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment