මුහුද අපේ ඉරණමයි… එය අපේ අනාගතයද විය හැකියි

368

ලෝකයේ ප‍්‍රථම තිරසාර පාවෙන නගරය දකුණු කොරියාවේ බූසාන් නගරයේ ඉදි කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳව මුල් අදහස ඉදිරිපත් කරනු ලැබුවේ ග්ලාස්ගෝ නගරයේ පැවැති ලෝක පරිසර සමුළුවේදීය. ඊට ගැළපෙන නිර්මාණයක් පිළිබඳ සංකල්පය 2019 වසරේදී bjarke ingels group (BIG), සමාගම විසින් එළි දක්වන ලදී. මෙම නිර්මාණශීලී ගෘහනිර්මාණ ශිල්පය කාලයත් සමග වර්ධනය වෙමින් ඓන්ද්‍රිය ලෙසින් අනුවර්තනය වීමට හැකියාව තිබේ. එක්සත් ජාතීන්ගේ සහයෝගයත් ඇතුව 2025 වසර වෙන විට මෙහි මූලාකෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරනවා.

මුහුදු ජල මට්ටම වැඩිවීම නිසා තර්ජනයක් ඇති වෙන නාගරික පරිසරයන් ආරක්ෂා කර ගැනීමේ සැලසුමක් ලෙසින් පාවෙන නගර ව්‍යාපෘති සංකල්පය හඳුන්වා දී තිබෙනවා. මුහුදු රළ ඉහළ යන විට කෘතිම දූපත් තුළට ජලය කාන්දු වෙන ලෙසින් මෙම පාවෙන නගරය නිර්මාණයට සැලසුම් කර තිබෙන අතර මේ සඳහා වූ ගිවිසුමට එක්සත් ජාතීන්ගේ ය්ඉසඒඑ සහ OCEANIX අත්සන් තබා තිබේ. ව්‍යාපෘතිය ඉදි කිරීමේ ඇස්තමේන්තුව ඩොලර් මිලියන 200 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

දකුණු කොරියාවේ බූසාන් නගරය මිලියන 3. 4 ක ජනගහනයක් වාසය කරන අතර කුඩා වූ කෘතිම දූපත් සමූහයකින් සැදී තිබෙනවා. ස්වයංපෝෂිත තත්ත්වයකින් යුක්ත මේ නගරයේ පිහිටි ගොඩනැගිලි වෙනුවෙන් විදුලිය නිපදවනු ලබන්නේ ගොඩනැගිලි මත ඉදි කරන ලද සූර්ය කෝෂ මගින් වෙන අතර ආහාර පිරිසිදු කිරීමට අවශ්‍ය ජලය පිරිසිදු කර ගැනීමත් මෙම සූර්ය කෝෂ මගින් සිදු වෙනවා. දූපත් අතර ගමනාගමනය බෝට්ටු මගින් සිදු වෙන අතර මෙම පාවෙන වේදිකා මුහුදේ ප‍්‍රචණ්ඩත්වයට සහ ස්වභාවික ආපදාවන්ටත් ඔරොත්තු දෙන අන්දමින් නිර්මාණය වී තිබෙනවා. කොටින්ම මෙය කාලගුණයට මුහුණ දෙන ස්වභාවික විසඳුමක්.

ෂඩාස‍්‍ර හැඩයෙන් යුක්ත මෙම දූපත් හුණුගල් මිශ‍්‍රණයකින් නිර්මාණය කර තිබෙන අර ඒවා සිමෙන්තිවලට වඩා දෙතුන් ගුණයකින් ශක්තිමත් අතර ජලයේ හොඳින් පාවෙනවා. වේදිකාවට යටින් ඇති scallops හි කෙල්ප් මුහුදු ශාක සහ ආහාර ආදිය ගබඩා කර තබා ගැනීමටත් පුළුවනි. මේවායේ ගබඩා කර ඇති මාළු අපද්‍රව්‍ය පොහොර ලෙසින් භාවිත කිරීමට හැකි අතර ඒ මගින් බලශක්තිය සහ ජලසම්පත් සුරක්ෂිත වෙන අතරවාරයේදීම අනාගතයේදී මිනිසාට ශාක පදනම් ආහාර වේලකින් ජීවත් වීමට හැකියාව ලැබෙනවා.

මෙම නගරය උණ බට ආශ‍්‍රිත ද්‍රව්‍යන්ගෙන් නිර්මාණය කර තිබෙනවා. තද සුළංවලට ඔරොත්තු දෙන අන්දමට මෙම ගොඩනැගිලි තට්ටු හතකට වඩා උසකින් නිර්මාණය කරන්නේ නැහැ. ගිම්හාන කාලයේදී පවතින උණුසුම් හා තෙත ගතියට ඔරොත්තු දෙන අන්දමට නිවාසවල වහල පුළුල්ව නිර්මාණය කරන අතර ඒ කාලයේදී නිවාස ඇතුළට හොඳින් හිරුඑළිය ලබා ගත හැකි පරිදි සූර්ය පැනල සවි කරනවා.

මුල් අවස්ථාවේදී පවුල් 10,000කට පමණ නවාතැන් ගත හැකි මෙම දූපත් වපසරිය හෙක්ටයාර් 76 ක පමණ විහිදී තිබෙනවා. ඊට අමතරව ක‍්‍රීඩා මධ්‍යස්ථාන, ක‍්‍රීඩා සහ සංස්කෘතික කටයුතු මධ්‍යස්ථාන වැනි පොදු පහසුකම් වැඩිදියුණු කිරීමත් Oceanix සමාගමේ න්‍යාය පත‍්‍රයට ඇතුළත්.

පාවෙන නගර වේදිකාවට කාලය සමග තවත් අමතර කොටස් එක් කිරීමටත් අදහස් කර තිබේ. OCEANIX සමාගමේ සම නිර්මාතෘවරුන් වන itai madamombe සහ marc collins සඳහන් කරන්නේ මනුෂ්‍ය වර්ගයාගේ මීළඟ දේශසීමා වෙත පිවිසීමේදී අපි ඉතිහාසගත වෙනවා. බූසාන් නගරාධිපති පාක් හියෝජුන් සඳහන් කරන්නේ පාවෙන නගරයක් ඉදි කිරීමට බූසාන් තරම් සුදුසු තැනක් තවත් ලෝකයේ නැහැ. මෙවැනි පාවෙන නගරයක් ඉදි කිරීමට කොරියාව තරම් සුදුසු නගරයක් තවත් නැහැ. ඒ නිසා අපි පාවෙන නගරය ඉදි කිරීමට සූදානම් වුණේ ලොකු අභිමානයක් ඇතිවයි. මුහුද අපේ ඉරණමයි…එය අපේ අනාගතයද විය හැකියි.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment