නි. පොලිස්පතිවරයකුට අසීමිත බලයක් ලැබීම භයානකයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

325

ප්‍රතිත්‍රස්ත පනතින් නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අසීමිත බලතල ලබාදීම ඉතා භයානක යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසීය.

නව පනතට අනුව ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ සැකකරුවකු අත්අඩංගුවට ගෙන දින 90 ක් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අනුමැතියෙන් රඳවා ගැනීමට හැකි බවත්, එම සැකකරු පැය 48 ක් යෑමට පෙර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළත් දින 90 ක රැඳවුම් නියෝගය ඉවත් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට නොහැකි බවත් පීරිස් මහතා කීය.

මේ පනතේ ප්‍රධානම ගැටලුව ත්‍රස්තවාදය යන්න නිර්වචනය කර තිබීම අපහැදිලි වීම බවත් මීට අමතරව ජනාධිපතිවරයාට විවිධ සංවිධාන තහනම් කිරීමට බලතල පැවරෙන ආකාරයෙන් වගන්ති ඇතුළත් කර ඇති බවත් පැවසූ සාලිය පීරිස් මහතා මෙය සම්මත වුවහොත් ඉතා අහිතකර තත්ත්වයක් රටේ ඇතිවිය හැකි බව ද කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment