අස්ථි දිරායෑම (Osteoporosis) රෝගයට හෝමියෝපති ප්‍රතිකාර

493

ලස්සන ජීවිතයකට උරුමකම් කියන අපි කාලය ගෙවී යත්ම වයසට යනවා. වයසත් සමග ශරීරයේ ඇතුළාන්ත ක්‍රියාවලින් වෙනස් වීම, ගෙවී යෑම ඇරඹීම කොයි මොහොතක හෝ පටන් ගන්නවා. වේදනාව එම වෙනස පෙන්වන රෝග ලක්ෂණයක් විය හැකිය.

වෛද්‍යතුමියනි අස්ථි දිරායෑම (ඔස්ටියෝ පොරෝසිස්) ලෙස හඳුන්වන්නේ කුමක්ද?

අස්ථිවල ඝනත්වය අඩුවීමෙන් ඇතිවන රෝගී තත්ත්වයක්. මෙයට අපි “ඔස්ටියෝ පොරෝසිස්” කියනවා. මේ වචනය හැදිලා තියන්නේ ඔස්ටියෝ සහ පොරොසිස් කියන වචන දෙක එකතු වීමෙන් ග්‍රීක භාෂාවට අනුව ඔස්ටියෝ කියන්නේ අස්ථි, පොරස් කියන්නේ සිදුරු ඇතිවීම එහෙම නැත්නම් ක්ෂය වීම කියන එකයි.

අස්ථි දිරායෑම ඇතිවන්නේ කොහොමද?

අපේ අස්ථි පද්ධතියේ අස්ථි ආරක්ෂාව මෙන්ම සවිමත් භාවයට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ රාශියක් තියෙනවා ප්‍රෝටීන් ව්‍යුහයක් ඇතුළේ ලවණ රාශියක් එකතු වීමෙන් ලවණ වර්ග 3ක් සැකසෙනවා. ඒවා අපි කැල්සියම්, පොස්පරස් හා මැග්නීසියම් ලෙස හඳුන්වනවා. ඒ වගේම විටමින් D, විටමින් K, සින්ක් හා පොටෑසියම් යන අනෙකුත් ලවණ වර්ගද පවතිනවා. ඔස්ටියෝ පොරෝසිස් රෝගයේදී සිදුවෙන්නේ මේ කියන ප්‍රෝටීන් ඛනිජ ලවණ යන දෙවර්ගයෙන්ම ප්‍රමාණය අඩුවීමයි.

මෙයට හේතු සාධක ලෙස අපේ අස්ථි පද්ධතියේ ඇතිවන රෝග නිසා අස්ථි පද්ධතිය දුර්වල වීමට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බෙහෙවින් බලපෑමක් ඇති කරනවා. එය තව පැහැදිලි කළොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම අස්ථි පද්ධතීන්ගේ ආරක්ෂිත, සවිමත් ව්‍යුහය ලෙස ක්‍රියාකරන ප්‍රෝටීන ලවණ ව්‍යුහය බිඳ වැටීම Osteoclast කියන සෛල වර්ගය ඉස්මතු වී අස්ථි පටක සෛල විනාශ කිරීම සිදුරු ඇතිවීම සිදුවෙනවා. මෙය ප්‍රධානම ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා ඇතිවන තත්ත්වයක්.

අස්ථි දිරායෑම ඇති වීමට බලපාන හේතු සාධක මොනවාද?

කාන්තාවන්ගේ ශරීරයේ ඊස්ටජන් හෝමෝනය අඩුවීම නිසා අස්ථි මත ඛනිජ ලවණ සහ ප්‍රෝටීන් තැන්පත් වීම අඩු වීම මෙහිදී සිදුවෙනවා. මෙයට ප්‍රධානම හේතුව ආර්ථවහරණයයි. කාන්තාවන්ගේ ආර්ථව හරණය සිදුවී වසර 5-7 ගතවූවාට පසු කාන්තාවන්ගේ අස්ථිවලින් 20% පමණ අහිමිවීමට ඉඩකඩ වැඩියි. තවද රාත්‍රියට අධික දහඩිය දමා රාත්‍රියට වැඩි උණුසුමක් දැනීම අස්ථි දුර්වලතාවය පෙන්වන ලක්ෂණයක් වනවා.

වයස්ගත වීම ද ප්‍රධාන හේතුවක්. මෙම තත්ත්වය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දෙපිරිසටම ඇති වෙනවා.

අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතියේ ඇතිවන වෙනස්කම් නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොයිඩ් හෝර්මෝනය අසමතුලිතතාවය, අස්ථි ක්ෂය වීම, දිරායෑම, වේගවත් කරනවා.

● පිටියුටරි ග්‍රන්ථියේ අසමතුලිතතාවය.

● අස්ථි පද්ධතිය නිසියාකාරව ක්‍රියා නොකිරීම.

● ප්‍රෙඩ්නිසිලෝන්, හෙපරින් වැනි ඖෂධ දිගු කලක් තිස්සේ ශරීරගත වීම.

● මත්පැන්, දුම්වැටි භාවිතය.

● අපේ අස්ථිවලට වැඩිපුර කැල්සියම් අවශ්‍ය වන වයස අවුරුදු 10-18 කාලය නිසි පෝෂණය නොලැබීම හේතුකොට අවුරුදු 17-18 වැනි නව යොවුන් වයසේදී වගේම අවුරුදු 25-30 වැනි තරුණ කාන්තාවන්ට විශේෂ හේතුවක් නොමැතිව අස්ථි දිරායෑමට ලක්වීමට පත්වීම ඇතිවීම.

විවිධ වූ හේතු සාධක තව බොහෝ පවතිනවා.

අස්ථි දිරායෑම්වල රෝග ලක්ෂණ සඳහන් කිරීමක් කළොත්

● තද වේදනාවක් ඇති වීම.

● අස්ථි ඉදිමුම.

● අස්ථි අතර ශබ්දය.

● දණහිස් අස්ථියේ බකල් වීමක්,

● කොන්දේ අස්ථිය විශාල වීමක්,

● කොන්දේ තද වේදනාවක් හට ගැනීම,

● කුදු වීමක් සිදුවීම,

● නැගිටීමේදී උස්පහත් වීමේදී අස්ථිවල තද බල වේදනාවක් ඇති වෙනවා.

● කොන්දේ වේදනාව, උස අඩුවීම, කොන්ද වකුටුවීම, පහසුවෙන් සුළු වැටීමකදී අස්ථි පිපිරීම රෝගයේ ලකුණුයි.

හෝමියෝපති ප්‍රතිකාර මගින් අස්ථි දිරායෑම ගොඩනංවන්නේ කොහොමද?

මෙම වෛද්‍ය ක්‍රමයේ සුවිශේෂීත්වය ශරීරයේ දුර්වල වූ ප්‍රතිශක්තිකරණය උද්දීපනය කර ගොඩනැඟීමක් සිදුකිරීමයි. ඒ සඳහා රෝගියා පෙන්වන රෝග ලක්ෂණ ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම පරීක්ෂණාත්මක පැත්තෙන් සෝදිසි කිරීමක් සිදු කරනවා. (Dex Scan, Xray, Blood Test) හෝමියෝපති නියම මත රෝගියා පෙන්වන රෝග ලක්ෂණවල සමාන නිවැරදි හෝමියෝපති ඖෂධීය ශක්තිය ශරීරගත වීමේදී දුර්වල ප්‍රතිශක්තිය සමග ඉස්මතුවී රජ කරන ඔස්ටියෝ පොරෝසිස් ඇති කරන අස්ථි පටක විනාශ කරන “ඔස්ටියෝ ක්ලාස්ටි” සෛල වර්ගය පහත හෙළමින් ප්‍රතිශක්තිය ගොඩනැඟීමත් සමග අස්ථි පටක ගොඩනංවන, ආරක්ෂිත, ශක්තිමත් භාවය ගෙන දෙන “ඔස්ටියෝ බ්ලාස්” කියන ප්‍රෝටීන් සෛල නැවත ඉස්මතු වීම ගෙන දෙනවා. මේ නිසා දිරාගිය, ගෙවීගිය සෛල පටක නැවත නිර්මාණය වීම මේ තුළින් සිදුවෙනවා. ප්‍රතිශක්තිය ගොඩනැංවීම තුළ ඇතිවන මේ තත්ත්වය කුමන වයසක සිටියත් වේදනාව නැතිවී, දිරායෑම වළකා බොහෝ සුවයක් ගෙනදීමට හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය සමත් වෙනවා.

හෝමියෝපති ඖෂධ තුළ අතුරු ආබාධ නොමැතිව කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් හා විටමින් වර්ග වගේම ශරීර සමතුලිතතාවයට අවශ්‍ය ඖෂධ සියල්ල මෙම වෛද්‍ය ක්‍රමයේදී නොඅඩුව ඇති අතර නිවැරදි ඖෂධීය ප්‍රතිකාර මගින් ප්‍රතිශක්තිකරණය ගොඩනංවමින් ක්ෂය වී යන අස්ථි පටක සියල්ල බොහෝ දුරට ගොඩනංවමින් ඔස්ටියෝ පොරෝසිස් තත්ත්වයෙන් මිදී ඒ වගේම ආතරයිටිස්, පාකින්සන්, කොඳු ඇට පෙළේ ආබාධ, ස්නායු රෝග, අත් පා වල හිරිවැටීම, වෙව්ලීම, නහර ගැට ගැසීම, අර්ශස්, හර්නියා, ඉරුවාරදය, අකලට කෙස් සුදුවීම, ගැලවී යෑම, දත්මුල් දියවීම, ආමාශගත රෝග, මළ බද්ධය, ලිංගික රෝග, හෘද රෝග, අක්මා රෝග, වකුගඩු මුත්‍රාශ්‍රිත රෝග, දියවැඩියාව, අධික ස්ථුලතාවය, කැස්ස, ඇදුම, පීනසය, සියලු කාන්තා රෝග වලින්ද මිදී යහපත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ඔබට මෙම ප්‍රතිකාර ක්‍රමය තුළින් ගෙන දෙනු ඇත.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0718250717 ඇමැතිය හැකිය.

අස්ථි දිරායෑම (Osteoporosis) රෝගයට හෝමියෝපති ප්‍රතිකාර

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment