මහ කන්නය වවන්න 5 වැනිදා සිට ජලය

49

මහවැලි කලාපයට ජලය නොවැම්බර් 1 දා සිට

මහ කන්නයේ වගාවන් සඳහා ලබන මස 05 වැනිදා සිට ජලය නිකුත්කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව කලා වැව හරහා යෝධ ඇළට ජලය නිකුත්කිරීම ආරම්භ කරන බව එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පවසයි.

මහඉලුප්පල්ලම, කට්ටියාව, කලා වැව, ඉපලෝගම යන ප්‍රදේශවලට ජලය සැපයෙන අතර නොවැම්බර් මස 01 වැනිදා සිට මහවැලි අධිකාරියට අයත් සියලුම ප්‍රදේශවලට වාරි ජලය නිදහස් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment