සැඩ පහරේ ගසා ගෙන ආ බඩු එකතු කරන්න ගිය තිදරු පියා පාරුවෙන් ඇද වැටී අතුරුදන්

151

පහල අතුරලිය ප්‍රදේශයේදී පසුගිය 15 වැනිදා සවස ගංවතුරට වැටුණ පුද්ගලයෙකු සැඩ පහරේ ගසාගෙන යාමෙන් අතුරුදන්ව ඇත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ පහල අතුරලිය රජලියගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මංජුල පුෂ්පකුමාර නමැති තිදරු පියෙකි.

මෙලෙස අතුරුදන්ව සිටින පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග කෙසෙල් කොටවලින් සාදාගත් පාරුවක නැගී ගංවතුරේ ගසාගෙන යමින් තිබූ අපද්‍රව්‍ය එකතු කරමින් සිට තිබේ. ඒ අවස්ථාවේ වතුරට වැටී ඇති මෙම තැනැත්තා වතුරේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇත.

ගංවතුරේ අතුරුදන් වූ පුද්ගලයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව පෙරේදාම සෝදිසි මෙහෙයුමක් දියත් කළද ඊයේ උදෑසන වනවිටත් අතුරුදන් වූ පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිව තිබේ.

අකුරැස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

පී. එල්. ජයවර්ධන කඹුරුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment