පාස්කු ඝාතකයා ගැන අහන්න මෛත්‍රී 4දා උසාවි කැඳවයි

151

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳව තමා දන්නා බවට මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීම සඳහා ලබන 04දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි යැවීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (28 දා) නියෝග කළාය. මාධ්‍ය හමුවේ සිදුකළ එම ප්‍රකාශය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කළ බවත් එකී ප්‍රකාශ ඉදිරිපත් කර නීතිඥවරයාගෙන් ලබාගත් උපදෙස් අනුව අධිකරණයට කරුණු වාර්තා කළ බවත් පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment