ලූනුවලින් ගසා කෑවේ පාරිභෝගික අධිකාරියේ වරදින් – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

189

ආනයනික ලොකු ලූනු සියලු බදු සහිතව රුපියල් 92ක මිලකට ගෙන්වා පාරිභෝගකයන්ට රුපියල් 500ත් 700ත් මිලට විකුණා ඇත්තේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ වරදින් බවත් ඒ ගැන සොයා බලන ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ඊයේ (03 දා) භාරදුන් බවත් සත්ජන බළකායේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවැසීය.

රුපියල් 92ට වරායට ගෙන්වූ ලොකු ලූනු කිලෝවක තොග මිල ලෙස රුපියල් 365ට ව්‍යාපාරිකයන්ට ලබාදී ඇති බවත් එවැනි මිලකට ලබාදුන් ලොකු ලූනු සාමාන්‍ය වෙළෙඳපොළේ රුපියල් 500ත් 700ත් අතර මිලට අලෙවි කරනතෙක් පාරිභෝගික අධිකාරිය හෝ එහි වැටලීම් ඒකකය කුමක් සිදුකර ඇති ද යන්න සොයා බලන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලීම් කළ බව ද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment