අධිකරණයෙන් පැන යෑමට ගිය අය අල්ලයි

156

අයිස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීමට අධිකරණ නියෝගයක් ලබා බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී කැස්බෑව අධිකරණයේ ඉහළ මාලයෙන් බිමට පැන පළා යාමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි .

අත්අඩංගුවට ගත් සැකකරු ඉහළ මාලයෙන් බිමට පනින අවස්ථාවේදී පාදයක් බිදී තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි .

මෙම සැකකරු අයිස් ජාවාරම සම්බන්ධයෙන් විවෘත හා දින වරෙන්තු ලබා සිටි පුද්ගලයෙකු වන අතර ඔහු හෝමාගම මාගම්මන ප‍්‍රදේශයේ රැුඳී සිටින බවට මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට තොරතුරක් ලැබී තිබුණි .

ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් වටලා සැකකරු අත්අඩංගුවට ගෙන කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු පුනරුත්ථාපන බාරයට යොමුකරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදි .

ඒ අනුව පුනරුත්ථාපන බාරයට යොමුකළ සැකකරු දෙවන නඩු වාරයට ඉදිරිපත් වීම සඳහා ඉකුත් දා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අයිස් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා ගොනුකොට තවත් නඩුවක් ගොනු කර තිබුණි.

එම අවස්ථාවේ දී තමාට එරෙහිව තවත් නඩුවක් ගොනු කොට ඇති බව දැනගත් සැකකරු කලබලයට පත් වී එක්වරම බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී දිවගොස් දෙවන මහලෙන් බිමට පැන පලායාමට උත්සාහ දරා ඇතැයි පැවසේ .

advertistmentadvertistment
advertistmentadvertistment