ජයග්‍රහණය රැකගන්නැයි IMF වෙතින් උපදෙස්

676

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන්නැයි එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.

වොෂින්ටන් හි පැවත්වෙන වසර මැද ස්ප්‍රිං සමුළුවට සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කර තිබේ.

අප්‍රේල් 15 වැනිදා ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ස්ප්‍රිං සමුළුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment