ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට නිවේදනයක්

27240

ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන ලද 2005.01.02 දින සිට 2007.1.31 දක්වා උපන් ඉල්ලුම්කරුවන් වෙත ඉදිරිපත් කරන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මේ වනවිට සියලුම ඉල්ලුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කර ඇත. ඉල්ලුම්පත්‍රයේ නිවැරදි ලිපිනය සඳහන් නොකරන ලද හෝ වෙනත් හේතු මත මෙතෙක් නොලද ඉල්ලුම්කරුවකු වේ නම් www.drp.gov.lk දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බෙව් අඩවියට පිවිසීමෙන් බාගත කර ගැනීමට (Download) පහසුකම් සලසා තිබේ. මෙහිදී ඉල්ලුම්පත් අංකය හා ඉල්ලුම්පත්‍රයේ සඳහන් කරන ලද ජංගම දුරකතන අංකයට ලැබෙන එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය (OTP)ඇතුළත් කිරීම අනිවාර්යය වේ.

මේ අනුව 2023 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිටි 2024 මැයි මස අදාළ විභාගයට පෙනී සිටින ජාතික හැඳුනුම්පත ලබාගැනීමට ඉල්ලුම් කර ඇති මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දෙපාර්තමේන්තුවට පැමිණීමකින් තොරව ඉහත පහසුකම ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකිවේ. වර්ණ පිටපත් ලබාගැනීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment