අහසින් පොළොවට පාවී දිවියට සමුදුන් කළු රූ රැජන

301

මැන්හැටන් හි ඔරියන් ගොඩනැ`ගිල්ලේ නව වන මහලේ මහල් නිවසක විසු චෙස්ලි ක‍්‍රිස්ට්ප සුගිය ඉරිදා එම ගොඩනැ`ගිල්ලේ උස තැනකට ගොඩවුවාය’ තට්ටු හැටක් උසැති ඒ ගොඩනැගිල්ලෙන් බිමට පාවුනු ඇගේ මළ සිරුර නිව්යෝර්ක් පොලිසිය මගින් සොයා ගනු ලැබිණි. මේ තිස් හැවිරිදි යුවතියගේ මරණය ලොව ප‍්‍රමුඛ පුවතක් වුයේ ඇය 2019 වසරේ ඇමෙරිකානු රූ රැජන ලෙස කිරුළු පලන් කළු ජාතික යුවතිය වූ නිසාය’ මුලින්ම උතුරු කැරොලිනාවේ රූ රැජන කිරුළ දිනාගත් අතර පසුව චෙස්ලි ඇමෙරිකානු රූ රැජන ලෙස කිරුළු පැළඳීමෙන් පසු ලොව වඩා ප‍්‍රකට විය’ කෙසේ නමුත් පසුගිය කාලය පුරා ඇය මානසික සෞඛ්‍යය ගැන වැඩියෙන් කතා කරන්නට වූ අතර තමා මනෝ උපදේශන සේවාවන්ගෙන්ප‍්‍ රයෝජන ලබන බවත් ප‍්‍රකාශ කර තිබුණාය’ සිය දිවි නසා ගැනීමට ප‍්‍රථමයෙන් ඇය සිය ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුමේ May this day bring you rest and peace’˜ (”මෙම දිනය ඔබට විවේකය සහ සාමය ගෙන එනු ඇත) යනුවෙන් අවසන් සටහන යොදා තිබිණි. නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව මෙම මරණය සියදිවි නසාගැනීමක් බවට තහවුරු කරතිබිණි.

 ”මහත් ශෝකයෙන් යුතුව අපි අපගේ ආදරණීය චෙස්ලිගේ වියෝව බෙදා ගන්නෙමු’ ඇගේ විශිෂ්ට ආලෝකය ඇගේ සුන්දරත්වයෙන් හා ශක්තියෙන් ලොව පුරා සිටින අන් අයට ආස්වාදයක් විය’ ඇය ආදරය කළා” ඇය සිනාසුණා” ඇය බැබළුණා’ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන නීතිඥවරියක් ලෙසත් ඇමෙරිකානු රූ රැජින ලෙසත් චෙස්ලි ආදරය මූර්තිමත්කරමින් අන් අයට සේවය කළාය’ ඇය දියණියක්” සහෝදරියක්” මිතුරියක්” උපදේශිකාවක් සහ සගයෙකු ලෙස අපට කිසිම විටක අමතක කළ නොහැකිය’” යනුවෙන් ඇගේ පවුලේ උදවිය තැබූ සටහනක දැක්විණි.

 චෙස්ලි ක‍්‍රිස්ට් 1991 දී මිචිගන්හි උපත ලබා ඇත ඇය දකුණු කැරොලිනා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර අලෙවිකරණය සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ප‍්‍රධාන උපාධියක්ල බාගෙන තිබු අතර වේක් ෆොරස්ට් විශ්ව විද්‍යාලයෙන් හා නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් ලබා උතුරු කැරොලිනාවේ නීතිඥවරියක් ලෙස ද කටයුතු කරමින් විශාල මහජන සේවයක් සිදු කළ බව ඇමෙරිකානු මාධ්‍ය කියයි’ නමුත් මේ කළු රූමතියට තමන්ගේ මානසික විඩාව දරාගත නොහැකි වී ඇති බව පෙනේ’ නැත්නම් ඇයට දීප්තිමත් ජිවිතයක් ගත කිරීමට උපරිම හැකියාව තිබිණි. නමුත් අගේ සාංකාව දන්නේ චෙස්ලි ම පමණකි.

 ඇයට සුබ ගමන්….

 සිරිමල් කළුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment