වැරදි ඉරියව් නිසා හටගන්නා කොන්දේ වේදනාව

690

කොන්දේ හටගන්නා වේදනාව වර්තමානයේ බහුලව දකින්නට ලැබෙන රෝග තත්ත්වයක් බවට පත්ව ඇත. මීට වසර ගණනකට පෙරදී කොන්දේ වේදනාවක් ඇතිවූ අයකුගෙන් ඊට බලපෑ හේතුව විමසූ විට පවසන්නේ කොන්දට අධික බරක් ගෙන දෙන අයුරින් කිසියම් දෙයක් එසවීමට යෑම කියාය. නමුත් වර්තමානයේ කොන්දේ වේදනාව හටගත් අයගෙන් බහුතරයක් ඊට ගොදුරුව ඇත්තේ දිගු කාලයක් තිස්සේ වැරදි ඉරියව්වල හිඳිමින් කටයුතු කිරීමය. ඊට සුලබ උදාහරණ දක්වතොත් කාර්යාලයේදී පරිගණකය භාවිත කරමින් කටයුතු කිරීමේදී දිගු වේලාවක් කොන්ද සහ බෙල්ල නවාගෙන කටයුතු කිරීම සහ ජංගම දුරකථන භාවිතා කිරීමේදී වැඩි වේලාවක් බෙල්ල නවාගෙන සිටිමින් එය භාවිතා කිරීම ආදියයි.

දවසේ වැඩි කාලයක් මෙලෙස වැරදි ඉරියව් වලට අනුව කටයුතු කරමින් සහ එයට දිගු කාලයක් හුරුවීම මගින් බෙල්ලේ සහ කොඳුඇට පෙළ ආශ්‍රිත මාංශපේශී ඇදීමට ලක්වීම නිසා වේදනාවක් හටගනී.

බොහෝ දෙනා මෙවැනි අවස්ථාවකදී වේදනා නාශක ඖෂධ වර්ගයක් භාවිතා කිරීම හෝ ආලේප වර්ගයක් ගල්වා එය යටපත් කරගැනීමට උත්සාහ කරති.

නමුත් මාංශ පේශීවල සිදුව ඇති ඇදීමට ලක්වීම සඳහා නිසි ප්‍රතිකාර නොකළහොත් පසු කාලයකදී කොඳුඇට පෙළෙහි අස්ථි බන්ධනීවල ඇතිවන වෙනස්කම් නිසා කොඳුඇට පෙළ අස්ථිවල පිහිටීමේ වෙනස්කම් හටගත හැකිය. එවිට කොඳුඇට පෙළ හරහා ගමන් කරන සුෂුම්නාවේ ස්නායු තෙරපුමට ලක්වී සයිටිකා වැනි රෝග තත්ත්වයන්ද හටගනී. එවිට ස්නායු තදවීමකට ලක්වීම නිසා දෑත් දෙපාවලට හටගන්නා වේදනාවක්, හිරිවැටීමක් ආදිය මතුවේ.

එබැවින් මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වාගැනීම සඳහා පරිගණක භාවිතයේදී සහ ජංගම දුරකථන භාවිතයේදී නිවැරදි ඉරියව්වල හිඳිමින් කටයුතු කිරීමට අවධානය යොමුකළ යුතුය. එසේම එක් ඉරියව්වක වැඩි වේලාවක් නොසිට එය වෙනස් කළ යුතුය. එවිට මාංශ පේශී වලට ඇතිවන විඩාව සහ ඒවා ඇදීමට ලක්වීමට ඇති හැකියාව වළක්වා ගත හැකිය.

කොඳුඇට පෙළ ආශ්‍රිතව හටගන්නා වේදනාව නිසා ඇතැම් දෙනා එය පාලනය කර ගැනීමට වකුටුවී සිටීම නිසා ලෙස ජලය පානය නොකිරීම, ආහාර නොගැනීම ආදිය නිසා බඩවැල් හි මාංශ පේශී සංකෝචනය වීමකටද ලක්විය හැකිය. එවිට මළ බද්දය ඇතිවීම ආදියද සිදුවේ.

වැරදි ඉරියව් නිසා කොඳුඇට පෙළ ආශ්‍රිතව හටගන්නා බරපතළ රෝග තත්ත්වයක් වනුයේ කොඳුඇට පෙළ අස්ථිවල පිහිටීමේ වෙනස්කම් හට ගැනීමය. :ීකසචචැා ාසිජ* එවිට කොඳුනාරටිය ඇතුළතින් යන සුෂුම්නාව තෙරපුමට ලක්වීම නිසා දෙපාවල, අත්වල, තුනටියේ තට්ටම් ප්‍රදේශයේ දැඩි වේදනාවක් හටගැනීම, කෙලින් නැගිට සිටීමට අපහසු අයුරින් වේදනාවක් හට ගැනීම, පුටුවක වාඩිවී සිටියහොත් නැගිටීමට අපහසු ලෙසින් වේදනාවක් මතුවීම ආදිය හටගනී.

මෙවැනි අවස්ථාවන්හිදී බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව භෞතචිකිත්සක ප්‍රතිකාර සිදුකිරීම, සැත්කම් සිදුකිරීම එන්නත් වර්ග භාවිත ආදී ප්‍රතිකාර කරනු ලබයි.

නමුත් මෙම රෝග තත්ත්වය සුවකිරීමට පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාරද පවතී. එම ප්‍රතිකාර වලට අනුව සැත්කම්වලින් තොරව විශේෂ තෙල් වර්ග කිහිපයක් භාවිතා කර ස්ථානීය වෙනස්කම් වලට ලක්වූ අස්ථි යළි සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකිය. එම ප්‍රතිකාර ක්‍රමය මගින් පැය තුනකට පමණ ආසන්න කාලයක් තුළදී අස්ථි පිහිටීමේ වෙනස්කම් යළි සාමාන්‍ය තත්ත්වයට පත්කරනු ලබයි.

එම ප්‍රතිකාරයෙන් පසු නැවත එම පුද්ගලයාට ඇවිදීමට තමාගේ සාමාන්‍ය කටයුතුවල යළි අපහසුතාවකින් තොරව යෙදීමට ආදිය ඒ මොහොතේ සිට කළ හැකියි.

කෙසේ නමුත් අප වැඩි අවධානයක් යොමුකළ යුත්තේ නිවැරදි ඉරියව්වල හිඳිමින් තමාගේ එදිනෙදා කටයුතුවල යෙදීම සඳහා සිහිකල්පනාව යෙදවීමය. වර්තමානයේ මෙලෙස කොන්දේ වේදනාවට ගොදුරුවන පිරිස් අතර පාසල් වියේ දරුවන්, තරුණ පිරිස් බහුලව සිටිති. එනිසා එවැනි පිරිස් මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමුකළ යුතුය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0718420277 ඇමැතිය හැකිය.

වැරදි ඉරියව් නිසා හටගන්නා කොන්දේ වේදනාව

කොළඹ නවලෝක රෝහලේ
වෛද්‍ය පියල් එදිරිසිංහ
(MD) බෙලරුස් වෛද්‍ය විශ්වවිද්‍යාලය, (DA) කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය

advertistmentadvertistment
advertistmentadvertistment