කාලයක් අරගෙන රයිනි කරපු කළුවරට බය හින්දා

442

‘නොබලා මා දිහා. ගීතයෙන් අවුරුදු ගාණකට පස්සේ තමයි අලූත් නිර්මාණයක් කළේ. ඒ වුණත් මගේ පරණ ගීතවලට ලැබෙන ප‍්‍රතිචාරවල තවමත් අඩුවක් වෙලා නෑ. මගේ රසිකයන්ට හැමදාම මතකයේ තියෙන නිර්මාණ කරන්න මම හැමවෙලේම උත්සාහ කරනවා. දවසින් දෙකෙන් ජනප‍්‍රිය වෙලා ඉක්මනින් අමතක වෙන නිර්මාණ කරන්න මගේ කැමැත්තක් නැහැ. කාලයක් අරගෙන වුණත් වෙනස් විදිහේ නිර්මාණයක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. අනෙක් ගීත වගේම මගේ අලූත් ගීතයත් රසිකයන් ආදරයෙන් වැළඳ ගනීවි කියලා මම විශ්වාස කරනවා.

 වසර හතකට පසුව පසුගියදා ‘කළුවරට බය හින්දා. නමින් නවතම ගීතය එළි දැක් වූ අවස්ථාවේ ගායන ශිල්පිනී රයිනි චාරුකා අපත් සමඟින් මෙසේ අදහස් දැක්වූවාය.

 රයිනි, ලාංකේය සංගීතාගාරයට නුහුරු නුපුරුදු චරිතයක් නොවේ. මාපියන්ගෙන් ලද දායාදය ඔප් නංවා ගනිමින් සිය ගායන කෞශල්‍යයත් සමඟ ඇය පැමිණි ගමන් මඟ අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

 හැම තැනම ආදරය ගැන එකම විදිහට ඇහෙද්දි, එකම විදිහේ රූප රචනා දකිද්දි රසිකයන්ට දැනෙන, වෙනස් විදිහක ගීතයක් සහ වීඩියෝ එකක් කරන්න මට වුවමනාවක් තිබුණා. ඒ බලාපොරොත්තුවට පණ දෙමින් මනුරංග විජේසේකරයන් අතින් කළුවරට බය හන්දා ගීතය මම වෙනුවෙන් ලියැවුණා. ගී තනු නිර්මාණය කළේ දිනේෂ් ගමගේ. අමිත් ගුරු තමයි සංගීතය සහ මික්ස් මාස්ටර්වලින් සහාය දුන්නේ..

කාලයක් අරගෙන රයිනි කරපු කළුවරට බය හින්දා



 කළුවරට බය හින්දා ගීතය මෙන්ම එහි රූප රචනාවද රසිකයන්ට අලූත් අත්දැකීමක් වනවාට සැකයක් නැත. දමිළ සංස්කෘතිය ද අන්තර්ගත කරමින් පේ‍්‍රමයත් විරහවත් අතර දෝලනය වන කතාවක් ලෙසින් රූප රචනය දිග හැරෙයි. එමෙන්ම එය සිනමාරූපී ගීත රූප රචනාවකි. මතුගම ප‍්‍රදේශයේ රූගතකිරීම් කර ඇති මෙහි රූප රචනය අධ්‍යක්ෂණය සතීශ් රත්නරාජාගෙනි.

 රයිනිගේ ගීත රූප රචනාවල විශේෂත්වය වන්නේ ඇය ඒ නිර්මාණවලට රංගනයෙන්ද දායක වීමයි. නවතම ගීතයේ රංගන අත්දැකීම සම්බන්ධයෙන් රයිනි මෙලෙසින් අදහස් ඉදිරිපත් කළාය.

 ‘මම ගායනයට වගේම රංගනයටත් කැමැති කෙනෙක්. ඒ නිසා මගේ නිර්මාණවලට මම රඟපෑමෙන් ද එකතු වෙනවා. මට අවශ්‍ය විදිහට මාව නිර්මාණය කර ගනිමින් ගීතය ගායනා කරන්න රඟපෑම තුළින් හොඳ

 අවස්ථාවක් ලැබෙනවා. දෙමළ සංස්කෘතියත් එක්ක බද්ධ වුණු වීඩියෝ එකක් නිසාත් කාලයකට පස්සේ කළ නිර්මාණයක් නිසාත් පොඩි චකිතයක් තිබුණා. දෙමළ වචන හදාගන්න, ඒ සංස්කෘතියට ගැලපෙන විදියට රඟපාන්නත්, කවුරුත් දැකලා නැති අලූත් දක්ෂ පිරිමි චරිතයක් මගේ නිර්මාණයට එකතු කර ගන්නත් මගේ යෙහෙළිය නිරන්ජනී ෂන්මුගරාජා මට විශාල සහයෝගයක් ලබා දුන්නා..

 දර්ශන තවරාජා, සම්මානනීය නිළියක් වන නිරංජනී ෂන්මුගරාජා මෙන්ම ගීතයේ පද රචක මනුරංග විජේසේකර ද මෙයට රංගනයෙන් එක් වේරැුල්ලක් ලෙසින් වර්තමානයේ බිහිවන ජනප‍්‍රිය සංස්කෘතියේ ගීත සහ රූප රචනා සම්බන්ධයෙන්ද රයිනි අපත් සමඟ අදහස් බෙදා ගත්තාය. ‘අලූත් පරපුරේ ගායකයන් බොහෝ දෙනෙක් දක්ෂයින් බවට සැකයක් නැහැ. ඔවුන් තමන්ගේ නම නිර්මාණය කර ගන්නේ සෝෂල් මීඩියා හරහා. ඒකෙ කිසි වැරැුද්දක් නෑ. නමුත් මගේ ප‍්‍රතිපත්තිය ඊට වඩා වෙනස්. බූස්ට් කරලා වීව් වැඩි කරගෙන ඉක්මනින් ජනප‍්‍රිය වෙන්න මට වුවමනාවක් නැහැ. බලෙන් ගීතයක් අස්සවනවා කියන්නෙයි කැමැත්තෙන් ගීතය අහනවා කියන්නෙයි දෙකක්. අවුරුදු ගාණක් ගිහිල්ලත් මගේ ගීතවලට තියෙන ප‍්‍රතිචාර අඩු වෙලා නෑ. ඒ තරම් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මම ඔවුන් ගේ හදවතට දැනෙන නිර්මාණ කරපු නිසා. කාලයක් අරගෙන නිවී සැනසිල්ලේ කළුවරට බය හින්දා ගීතයත් දිගු ගමනක් යාවි කියලා මම හිතනවා..

 කළුවරට බය හින්දා ගීතයට නිශ්චිත අවසානයක් ලබා දී නැත. ඒ වෙනුවෙන් දෙවෙනි කොටසක් නිර්මාණය වන්නට වැඩි ඉඩක් ඇති බව රයිනිගේ කතා බහෙන් අපට අවබෝධ විය.

 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment