ඖෂධ මගඩිවලට සම්බන්ධ මහ මොළකරුවෝ තාමත් නිදැල්ලේ

67

සෞඛ්‍ය වෘත්තීය සමිති

ප්‍රශ්නගත ඉඩියුනොග්ලොබියුලින් ගනුදෙනුව සහ පිළිකා ඖෂධ ජාවාරම රටට හෙළි කර දින 75 ක් ගතව ඇතත් එහි ප්‍රධාන වගඋත්තරකරුවන් නීතිය හමුවට ගෙන ඒමට නීති අංශ අසමත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි.

මිනිසුන්ට ඖෂධයක් ලබාදීම සඳහා නිසි තත්ත්ව පරීක්‍ෂණයක් පවා සිදුනොකර මෙම ඉනියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් භාවිතයට

ගැනීම හේතුවෙන් ඒඩ්ස්, හෙපටයිට්ස් බී වැනි මාරාන්තික රෝග වැළඳීමේ අවස්ථාව චේතනනාන්විතව ලබාදී ඇතැයි ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

එමෙන්ම පිළිකා රෝගීන්ට ඖෂධ ලබාදෙන බව හඟවා කිසිදු ගුණයක් නොමැති ඖෂධ ලබාදීමෙන් පැහැදිලිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට මෙම වංචාවලට සම්බන්ධ දේශපාලකයන් සහ නිලධාරීන් දායක වී ඇති බවට තොරතුරු තිබිය දී ‘මහ මොළකරුවන්’ නීතිය හමුවට ගෙන ඒම මන්දගාමී වීම විමතියට කරුණක් බව විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කර සිටී.

මෙම සිද්ධිවලට සම්බන්ධ ප්‍රසම්පාදන කමිටුව, තාක්‍ෂණයක ඇගයීම් කමිටුව මෙන්ම මුදල් ගෙවීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට මින්පෙර සිදුව ඇති මෙවැනි

ගනුදෙනු සඳහා ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කළ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව වෛද්‍ය වෘත්තීය සමිති කියයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment