පොලිස්පති මහජන සහන දිනය -15 දා සිට යළි ඇරැඹෙයි

221

මෙතෙක් කාලයක් නතර කර තිබූ “පොලිස්පති මහජන සහන දිනය” ලබන 15 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත.

මෙම පොලිස්පති මහජන සහන දිනයට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද පෞද්ගලිකවම සහභාගී වීමට නියමිතය.

පොලිස්පති මහජන සහන දිනය හරහා මහජනතාවගේ ගැටලු රැසකට පිළිතුරු ලැබුණු අතර පසුගිය කොවිඩ් වසංගත සමයේ එම වැඩසටහන නතර කර තිබිණි.

දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ වෙත මහජනයා විසින් ඉදිරිපත් කරන පැමිණිලි අතරින් නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වූ පැමිණිලි ඍජුව ම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජනතාවට මෙම සහන මැදිරිය හරහා අවස්ථාව සැලසෙනු ඇත.

ඒ අනුව සෑම සිකුරාදා දිනක ම පෙරවරු 9.00 සිට (රජයේ නිවාඩු දිනවල හැර) මහජන සහන දිනය ක්‍රියාත්මක කෙරේ.

පොලිස් ස්ථානයක් වෙත ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් යුක්ති සහගත සාධාරණයක් ඉටුනොවීම, විමර්ශන ප්‍රමාද වීම අපේක්‍ෂා කරන සහනයක් නොලැබීම සම්බන්ධයෙන් පොලිස්පති මහජන සහන පැමිණිලි අංශය වෙත ඉදිරිපත් විය හැක.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment