මොස්කව් ප්‍රහාරයට ඇල්ලූ 4 දෙනාට දරුණු වධහිංසා

989

රුසියානු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයන් හතරදෙනා දරුණු ලෙස වධහිංසාවට ලක්ව තිබේ.

මොස්කව් රංග ශාලාවට ප්‍රහාර එල්ල කර පලා යමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් අතර මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 150කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇත.

මොස්කව් අධිකරණයට ඉදිරිපත් කළ මොවුන් සිව්දෙනා තජිකිස්තාන වැසියන් වන අතර 32, 30, 25 හා අවුරුදු 19 යන වයස්වල අයවළුන්වේ. මිනීමැරීමේ චෝදනා මොවුන්ට එල්ල කර ඇත.

මොස්කව් අධිකරණයට ඉදිරිපත් කළ මොවුන් දරුණු වධහිංසානයට ලක්ව ඇති බව පැහැදිලිව දක්නට ලැබිණි.

මේ පුද්ගලයන් වධහිංසනවලට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ ජාලා ඔස්සේ සංසරණයවේ.

එක් සැකකරුවකුගේ ලිංගයට විදුලිසර වද්දා ඇති අතර තවත් අයකුගේ කන කපා දමා ඇත.

එක් සැකකරුවකු උසාවියට පැමිණියේ රෝද පුටුවක වන අතර ඔහුගේ ශරීරයේ විවිධ කැපුම් තුවාල විය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment