සී. එච්. සහ හැව්ලොක්ස් කුසලාන වටයට

47

නිපෝන් පේන්ට් අභියෝග කුසලාන

ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් සමාජ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ මූලික වටයේ නිමාව සටහන් වූ සත් වැනි සතියේ ජයග්‍රහණ වාර්තා කර ගනිමින් කැපී පෙනෙන්නට සී.එච්.ඇන්ඩ් එෆ්. සී. සමාජය, හැව්ලොක්ස් සමාජය, පොලිසිය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සමාජය සමත් විය.

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සමාජය හමුවේ මහනුවර සමාජය ලකුණු 12 කින් ද, සී.එච්. ඇන්ඩ් එෆ්. සී. සමාජය හමුවේ යුද්ධ හමුදාව එක ලකුණකින් ද, පොලිසිය හමුවේ ගුවන් හමුදාව ලකුණු 12 කින් ද, හැව්ලොක්ස් පිල හමුවේ නාවික හමුදාව ලකුණු 13 කින් ද පරාජය ලැබීය.

මහනුවර සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. යන දෙපිල පසුගිය සති 06 පුරා රැකගෙන සිටි තම අපරාජිත බව තවදුරටත් ආරක්ෂා කර ගැනීම උදෙසා නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ඊයේ (21) සවස ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වීම මෙම සතියේ දී කැපී පෙණුනි.

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසාද ලකුණු පුවරුවේ මුල් ස්ථානය තහවුරු කර ගැනීමට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. පිල සමත් වන අතර වාරයේ දී දෙවන ස්ථානය ආරක්ෂා කර ගැනීමට මහනුවර පිලට හැකියාව ලැබිණි.

ඒ අනුව මහනුවර සහ සී.ආර්. දෙපිල මෙන්ම මෙවර තරගාවලියේ “කුසලාන” ශූරයින් සොයා යන සුපිරි සිව් දෙනාගේ වටය සඳහා සී.එච්. පිල සහ හැව්ලොක්ස් පිල වරම් ලබා ගත්තේය.

මේ සති අන්තයේ තරග ප්‍රතිඵල

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී 38 – මහනුවර 26

සී.එච්. 18 – යුද හමුදාව 17

පොලිසිය 34 – ගුවන් හමුදාව 22

හැව්ලොක්ස් 39 – නාවික හමුදාව 26
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment