යොවුන් ඉනිම 204න් නවතියි

110

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය වූ ඊයේ (21 වැනිදා) පැවති තරගයේදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 204 කට දැවී ගියේය.

එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට අංක 6 පිතිකරු දිනුර කළුපහන සමත් වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු පහක් ලකුණු 88කට දැවී තිබියදී ශරුජන් සම්මුගනාදන් සමග එක්වී 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 80 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට දිනුර සමත් වූයේය.

පන්දු 55 ක් තුළ ලකුණු 60 ක් රැස්කර සිටියදී දිනුර දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩා වැටීම ආරම්භ වූ අතර ඒ සමග ලකුණු 36 ක් තුළ අවසන් කඩුලු 5 බිඳ වැටුණි.

ශරුජන් සම්මුගනාදන් නොදැවී ලකුණු 41 ක් ලබාගත් අතර රවිශාන් ද සිල්වා සහ රුසඳ ගමගේ ලකුණු 31 බැගින් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment