සංචාරකයින්ට නරඹන්න පරෙවි දූපත ඇරලා

103

වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා මාස 4කට ආසන්න කාලයක් වසා දමා තිබූ නැඟෙනහිර පළාතේ ආකර්ශනීය කේන්ද්‍ර ස්ථානයක් වන පරවි දූපත පෙරේදා (04 දා) වනජීවී දිනයේ දී නිලවශයෙන් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘතවූ අතර මහජනතාවට නැරඹීමේ අවස්ථාව ද උදා විය.

මෙරටට සංචාරකයන් විශාල ප්‍රමාණයක් ඇදී එන සංචාරක අකර්ශනය දිනාගත් ප්‍රධාන ස්ථානයක් ලෙස සැලකෙන පරවි දූපත රජයේ භාණ්ඩාගාරයට වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් දෙනු ලබයි.

සංචාරකයින්ට නරඹන්න පරෙවි දූපත ඇරලා

සංචාරකයින්ට වතුර බෝතල්,කෙටි කෑම, පමණක් නොව, එවේලේ ම සකස් කරදෙන ඉස්සන්, දැල්ලන්, කකුළුවන් පහසු මිලකට ලබාගැනීමට හැකිවීමත් විශේෂත්වයක් වන අතර අවට ප්‍රදේශවල ජනතාව ද කියා සිටින්නේ මේ කාලය ඔවුන්ගේ සෞභාග්‍යමත් කාලය බවයි.

ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment