ගැබ්ගෙල පිළිකාවෙන් වසරකට මෙරට 780කගේ දිවි අහිමි වෙනවාලු

95

ගැබ්ගෙල පිළිකාව මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දෙවන සුලභ පිළිකාව බවට සමීක්ෂණයකින් හෙළිවී ඇත. එය වසරකට වාර්තාවන රෝගීන් ගණන 1407 ක් පමණ වන බව ගණනය කර ඇති අතර ගැබ් ගෙල පිළිකාව නිසා වසරකට දිවි අහිමි වන පිරිස 780ක් පමණ වන බවට එම සමීක්‍ෂණය මගින් සොයාගෙන තිබේ. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මෙම රෝග ව්‍යාප්තිය නොසලකා සිටියහොත් මෙරට තුළ 2070 වන විට මරණ 58,754 ක් හා 2120 වන විට මරණ 115,137 වන බව පුරෝකථනය කර තිබේ.

ගැබ් ගෙල පිළිකා හඳුනාගැනීමේ හා එය තුරන් කිරීමේ සමීක්ෂණයේ පළමු නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් සිදුකර ඇත.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment