පොළොන්නරුවට නව නිවාඩු නිකේතනයක්

70

දුරබැහැර ප්‍රදේශවලින් පොළොන්නරුවට පැමිණෙන මහජනතාවට නවාතැන් ගැනීම සඳහා සියලු පහසුකම්වලින් යුත් නිවාඩු නිකේතනයක් පොලොන්නරුව නවනගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ආසන්නයේ අලුතින් ආරම්භ කර තිබෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ සංගමය පවසයි.

පොළොන්නරුව නවනගරය රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ සංගමයේ දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේ මෙය පිහිටා තිබෙන අතර මහජනතාවට කිසිදු අපහසුවකින් තොරව එම ස්ථානයට ළඟාවිය හැකි බවද කියයි.

අභිනවයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය විශ්‍රාමිකයන්ගේ සංගමයේ සභාපති, වැලිකන්ද හිටපු ප්‍රාදේශීය මහ ලේකම් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා මහතා විසින් පසුගියදා විවෘත කරනු ලැබීය.

එම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ සංගමයේ අධ්‍යක්‍ෂවරුන් වන ඩී. බන්දුලසිරි, සුමනසිරි ජයවර්ධන, ඩබ්ලිව්. පී. ආර්. ජී. විජේකෝන් යන මහත්වරුන් ඇතුළු සාමාජිකයන් රැසක් සහභාගි වූහ.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment