රට බිත්තර සතොස සහ සුපිරි වෙළෙඳසල්වලින්

214

කුරුණෑගල-පුත්තලම අලෙවිය තහනම්

ඉන්දියාවේ සිට ආනයනය කරන බිත්තර හෙට (26 දා) සිට සතොස සහ සුපිරි වෙළෙඳ සල්වලින් රු. 37 ක් පමණ මිලකට සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම බිත්තර අධි ශීතාගාරයක් තුළ දින 90 ක් සාමාන්‍ය ශීතාගාරයක් තුළ දින 30 ක් සහ ශීතාගාරවලින් පිටත දින 03 ක් 04 ක් තබාගත හැකි බව ද ඒ මහතා කීය.

ආනයනික බිත්තර කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙක තුළ අලෙවි කිරීම තහනම් බවද ඒ මහතා කීය. මේ වන විට ආනයනික බිත්තර කර්මාන්තශාලා හා හෝටල්වලට ලබාදීම තම සංස්ථාව මගින් සිදුකරන බවත් ඒවා වෙනත් පුද්ගලයන් හරහා සාමාන්‍ය වෙළෙඳ පොළට නිකුත් කර තිබේනම් ඒ අයට විරුද්ධව පොලිසිය, පාරිභෝගික අධිකාරිය හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හරහා නීතිය ක්‍රියාත්මක කරන අතර එම කටයුතුවලට තම සංස්ථව වග නොකියන බවත් වලිසුන්දර මහතා කීය.

ඇතැම් කූට පිරිස් විවිධ මාර්ගවලින් ආනයනික බිත්තර මිලදීගෙන දේශීය බිත්තර සමග කලවම් කර අලෙවි කරන බවට ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස තමා අදාළ වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට රටට බිත්තර ලක්‍ෂ 400 ක් පමණ ගෙන්වා ඇති බවත් ඉන් කිසිදු සෞඛ්‍යමය තත්ත්වයක් ගැන පැමිණිල්ලක් ලැබී නැති බවත් පැවසූ වලිසුන්දර මහතා මේ වන විට කොළඹ වරායට බිත්තර මිලියන 10 ක් පමණ ගෙන්වා ඇති බවත්, එම බිත්තර, මෙතෙක් බිත්තර ආනයනය කළ ආයතන (ෆාම්) වලින්ම සෞඛ්‍ය සහතික අනුව ගෙන්වා තිබෙන බවත් කියා සිටියේය.

රට තුළ සැබවින් දේශීය බිත්තර හිඟයක් පවතින බවත් එය යථා තත්ත්වයට පත්වන තෙක් බිත්තර ගෙන්වා දිනකට බිත්තර ලක්‍ෂ 10 බැගින් සතොස සහ සුපිරි වෙළෙඳ සල් හරහා අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බවත් පැවසූ හෙතෙම බිත්තර ප්‍රවාහනය ඇතුළු විවිධ හේතු ුනිසා මහජනතාවට මිලදී ගැනීමට දින දෙක තුනක් ගතවිය හැකි බවද පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment